මධ්‍යම කඳුකරය තුළ මේ දිනවල වර්ෂ සහිත කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ඇතුළු මහවැවැලි ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලය ඊයේ (16) දින නිකුත් කළ වාර්තාවට අනුව වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම මීටර 435.4 ක් වන අතර ජල ධාරිතාව ඝණ මීටර මිලියන 660.4 ක් වන අතර එහි සක්‍රීය සඵල ධාරීතාව සියයට 86.5 කි.
රන්දෙනිගල ජලාශයේ ජල මට්ටම මීටර 223.9 ක් වන අතර ජල ධාරිතාව ඝණ මීටර මිලියන 623.6 ක් වන අතර එහි සක්‍රීය සඵල ධාරීතාව සියයට 60.4 කි.
රන්ටැඹේ ජලාශයේ ජල මට්ටම මීටර 150.5 ක් වන අතර ජල ධාරිතාව ඝණ මීටර මිලියන 1.8ක් වන අතර එහි සක්‍රීය සඵල ධාරීතාව සියයට 54.1 කි.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම මීටර 697.5 ක් වන අතර ජල ධාරිතාව ඝණ මීටර මිලියන 137.6ක් වන අතර එහි සක්‍රීය සඵල ධාරීතාව සියයට 73.6 කි.
මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම මීටර 182.9 ක් වන අතර ජල ධාරිතාව ඝණ මීටර මිලියන 496.3ක් වන අතර එහි සක්‍රීය සඵල ධාරීතාව සියයට 85.4 කි.
කළුගඟ ජලාශයේ ජල මට්ටම මීටර 207.7 ක් වන අතර ජල ධාරිතාව ඝණ මීටර මිලියන 228.5 ක් වන අතර එහි සක්‍රීය සඵල ධාරීතාව සියයට 86.1 ක් වන බව බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
දුම්බර ප්‍රදීප්
