බංග්ලාදේශය පළමු දිනයේදීම තරගයේ වාසිය අතට ගනී
බංග්ලාදේශ ක්‍රිකට් කන්ඩායම නායක නජ්මුල් හොසේන් ෂන්තෝ සහ ජ්‍යේෂ්ඨ පිතිකරු මුෂ්ෆිකර් රහිම් එක්ව සිව්වැනි කඩුල්ලට ගොඩනැංවූ නොබිදුනු ලකුණු 247ක සබඳතාව නිසා දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සාර්ථකව අවසන් කිරීමට බංග්ලාදේශයට හැකිවිණි.
ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වෙද්දී සිය පළමු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය කඩුලු 3 කට ලකුණු 292ක් රැස්කරගත්නට සමත්විණි. තරගය අද (17දා) ගාල්ලේදී ආරම්භ විය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු උදාර සහ තරිඳු රත්නායක ටෙස්ට් වරම් වරම් දිනා ගත්තේය.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ෂන්තෝ පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
බංග්ලාදේශය පළමු ඉනිම 292/3(පන්දුවාර 90)
නජ්මුල් හොසේන් සැන්ටෝ 136* (260,4x14, 6x1), මුෂ්ෆිකර් රහීම් 105* (186,4x5), මොමිනුල් හක් 29(33,4x4),
ශ්‍රී ලංකාව පන්දුයැවීම
තරිඳු රත්නායක 2/124(පන්දුවාර 32), අසිත ප්‍රනාන්දු 1/51 (පන්දුවාර 14)

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

