රාජකාරී කටයුතු අතරතුර මත්පැන් පානය කර සිටි බව කියන හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සේවකයකු ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
ඔහු හල්දුම්මුල්ල ප්‍රදේශීය සභාවේ සංවර්ධන නිලධාරියකු වශයෙන් කටයුතු කරන බවද පොලිසිය කීවේය.
හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ සේවකයින් පිරිසක් ආදාහනාගාරය අසල මත්පැන් සාදයක් පවත්වන බවට ලද තොරතුරක් අනුව පොලිසිය ගොස් කරන ලද විමර්ශනයෙදී සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හල්දුම්මුල්ල දිසාරෝහලේ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කළ විට මේ අයගෙන් එක් අයෙකු පමණක් මත්පැන් පානය කොට සිට ඇති බවට වෛද්‍ය වාර්තාව ලැබුණු බවද පොලිසිය පැවසීය.
සැකකරු අද 18 දින බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ නව සභාපති ජගත් කුමාර රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ආයතන මට්ටමින් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ පැවති ක්‍රමය වෙනස් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවත්ය.