ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න මහත්මිය හා එම රෝහලේ කළමණාකාර
සහකාරවරයෙක් වන කැකුලන්දල ලියනගේ ඉන්දික හා විශේෂඥ වෛද්‍යවරිය අනීතිකව පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක
සේවය කළ කඩවත ප්‍ර දේශයේ පදිංචි මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන අය අද අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD හා VP SHUNT යන අයිතම වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර
රෝහල් කාර්ය මණ්ඩලය හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් එම අයිතම ලබා ගැනීමට උපදෙස් දීම
තුළින රෝගි පාර්ශ්වයකට පාඩුවක් හා තමාට හෝ බාහිර පාර්ශ්වයන්ට අයුතු සහගත ලාභයක් ලබීම මෙන්ම එම අයිතම රෝහලේ
සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධව දූෂණය නම් වරද සිදුකිරීම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන තිබේ.