ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය සුදර්ශන ප්රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් පැනවු කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලී මහත්මිය ඔහු යළි ලංකාවවට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට බාරදෙන ලෙස ආගමන විගමන පාලකවරයාට අද (17) නියෝග කළාය.
ධීවර වරාය සංස්ථාවේ සභාපතිවරයාව සිටියදී සිය හිතවතුන් සංස්ථාවේ ඉහළ නිලතල සඳහා නියමිත බඳවා ගැනීමේ පටිපාටියෙන් පරිබාහිරව බඳවාගෙන රැකියා ලබාදෙමින් ‘දූෂණය’ නමැති වරද කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය සඳහා ප්රකාශයක් දෙන ලෙස සුදර්ශන මහතාට කළ දැනුම්දීම නොසලකා හරිමින් ඔහු විදේශ ගතවී ඇතැයි කියමින් අල්ලස් කොමිසම දැක්වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරිය එසේ නියම කළාය.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ 2018 වසරේදී ලංකා ධීවර වරාය සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සුදර්ශන මහතා එම සංස්ථාවේ ඉහළ නිලතල සඳහා නියමිත කාර්ය පටිපාටියෙන් පරිබාහිරව පුද්ගලයින් බඳවාගෙන ‘දූෂණය’ නම් වරද කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව දැනුම් දුන් අල්ලස් කොමිසfමේ නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද ඉදිරිපත් කළහ.
අදාළ විමර්ශනය සඳහා සුදර්ශන මහාතාට අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසට දැනුම් දී ඇතත් ඒ මහතා බි්රතාන්ය රටට ගොස් ඇති බවත්, ශ්රී ලංකාවේ හා බි්රතාන්යයේ ද්විත්ව පුරවැසි භාවයක් හිමි සුදර්ශන මහතා නැවත ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට ඉදිරිපත් කිරීමට ආගමනය වීගමන පාලකවරයාට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරිය සුදර්ශන ප්රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් පනවමින් ඔහු යළි මෙරටට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලෙසට ආගමන විගමන පාලකවරයාට නියෝග කළාය.