saravita-anim2

2026 අප්‍රේල් මස 17 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 17 වන සිකුරාදා

Latest News - timelapse 9272 hours ago

LATEST

පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ මත්ද්‍රව්‍ය විරෝධී සටන නැවැත්වීමටයි - මෛත්‍රී

calendar_today 2020 ජුනි 22 - 18:39 remove_red_eye - 769  

පොළොන්නරුව දස අවුරුදු සැලැස්මක් දැනටමත් නිර්මාණය කර අවසන් බවත් පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ මත්ද්‍රව්‍ය විරෝධී සටන නැවැත්වීමට බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගමේ ජනතාවගේ නිෂ්පාදනයන් අපනයනය කිරීම තුළින් ගමේ ජනතාවට අතමිට සරු අනාගතයක් සැකසීම උදෙසා රජය දැනටමත් නව වැඩපිළිවෙලක් ආරම්භ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මැතිවරණයේදී අපේක්ෂකයන්ට සිය කාර්යාලයේ සහ රැස්වීමක් පැවත්වෙන ස්ථානයේ හැර ඉන් පිටත කිසිදු ස්ථානයක පෝස්ටර්, කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කළ නොහැකි බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.

Read More

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාල රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට මේ වන විට සැලසුම් කරමින් තිබේ.

Read More

අපරාධ මැඩ පැවැත්වීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකරන මෙහෙයුමවලට අදාළව අද උදෑසන අවසන් වූ පැය 24 තුළ අපරාධ කල්ලි සාමාජිකයන් 8ක් අත්අඩංගුවට ගත් බව පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත‍්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටි වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණීය හා ඇත්ගොව්වන් තිදෙනෙකු විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) නියම කළේය.

Read More

පසුගිය වසරේ අප්‍රේල් 21 දා එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව කරන විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

Read More

අපරාධකල්ලි කිහිපයක් ක්‍රියාත්මක ප්‍රදේශයක් වන රත්මලානේ අපරාධ කල්ලි මැඩ පැවැත්වීටම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවත් පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කරුණා අම්මාන් නීතියට ගරු කරමින් ප්‍රකාශය සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ඇති බවයි.

Read More

කිලිනොච්චිය පලෙයි වෙම්බඩිකේලි ප්‍රදේශයේ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක් රැගෙන යමින් සිටියදී අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බවට පලෙයි පොලීසිය පවසයි.

Read More

ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කරන්නේ නම් එය උදෑසන සහ පස්වරුවේ විනාඩි 30 බැගින් වැඩිකළ යුතු බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසමට යෝජනා කරයි.

Read More

කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියකට මඩු පෙරියකාඩු ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැන අද (22) උදෑසන සියදිවි හානිකරගෙන ඇති බවට මඩු පොලීසිය පවසයි.

Read More

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදි තියුණු අයුධ හා ව්‍යාජ පිස්තෝල ගිනි අවියක් හා මත්ද්‍රව්‍ය සමඟ පතාල සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 28ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් බලය වෙනුවෙන් සිංහල හා දමිළ ජනතාව රවටමින් තිබෙන බවත් මැතිවරණ කාලයේදී ජාතිවාදය අවුස්සන බවත් ජතික ජනබලවේගයේ මහනුවර කණ්ඩායම් නායක කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.

Read More

අගෝස්තු පස්වෙනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී රත්නපුර පරිපාලන දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්දය සඳහා අයදුම් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 1533ක් විවිධ අඩුපාඩු හේතුවෙන් ප්‍රතික්ෂේප කළ බව රත්නපුර දිස්ත‍්‍රික් තේරිම්භාර නිලධාරීනි මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

Read More

අවුරුදු 9ක් තුල පරික්ෂණ පවත්වන්නේ නැතුව මාධ්‍ය මගින් ක්‍රිඩකයින්ට චෝදනා කිරිම හෙළා දකින බව නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

Read More

මේ වසරේ මාර්තු 16 සහ ජුනි 30 වන දා දක්වා කාලය තුළදී වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන්වීමට නියමිත දිනයේ සිට මාස 6කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Read More

යාපනය ස්ටැන්ලි මාර්ගයේ අත්තියඩි මංසන්ධියේදී නීතිවිරෝධී අයුරින් කසල බැහැර කල අයෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් මහජන සෞඛ්‍ය පරික්ෂක වරයෙකුට පහරදීමෙන් තුවාල ලබා ඊයේ (21) දින රෝහල්ගත කොට ඇත.

Read More

කෝව්ඩි 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාර්තු මස 17 වන දින සිට තාවකාලිකව අත්හිටුවනු ලැබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය අද (22) සිට යළි සිය රාජකාරි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කිසියම් බන්ධනාගාරයක නිලධාරියෙකු අක‍්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබද තමන්ට දැනුම් දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියලු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 12 දෙනෙකු වෛරසය ශරීර තු නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 21 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

අගරදගුරු තනිකර දේශපානය කිරීම ගැන මට හිරිකිතයක් තිබෙනවා. එයා කිව්වා ඇමතිපුතා බේරුණා අපේ ජනතාව මැරුණා කියලා. මම දවසක් එයාට කෝල් කළා. ඒ තමයි සියයට 5 ගේම ඇතුළේ හිටපු මිනිස්සු. අද මොකද වුණේ ස්වාභාව ධර්මය කම්පා වෙලා තියෙන්නේ.

Read More

මන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ තල්ලඩි ප්‍රදේශයේ පිහිටා තිබූ ගණපති හින්දු කෝවිලකට ඊයේ (21) සවස කිසියම් පිරිසක් විසින් හානි කොට පළා ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ සිටියදී තමන් කළ අපරාධ පිළිබඳව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුට නියෝග කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ඉන්දියාව වෙත යෑමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 243 දෙනෙකු , ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (22දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාව බලා පිටත් විය.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක කේෂ්ත්‍ර‍යේ නියුතු වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවල ඇරඹේ. ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම සහන සැලසීමේ වැඩසටහන සඳහා සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට දැන් අයදුම් කළ හැකි බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (22දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

23දෙනෙක් මිය ගිහින්, අවසන් කටයුතු අදාළ රටවලදීම සිදුකරයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.