saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8678 hours ago

LATEST

කෝවිඩ් - 19 ආසාදිතයන් ගණන 417 දක්වා ඉහළට

calendar_today 2020 අප්‍රේ 24 - 23:00 remove_red_eye - 1074  

අද(24) දිනයට තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර කිසිදු තීරණයකට එළැඹිය යුතු නැතැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය අවධාරණය කරති.

Read More

කොවිඩ් 19 රෝගය මුලින්ම වාර්තා වූ මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නුවර අසාද්‍ය තත්ත්වයේ පසදුව COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පහළ බැස තිබේ

Read More

ගතවූ පැය 24 තුළ එරට මරණ 3000කට අධිකසංඛ්‍යාවක් වාර්තා වී අතර මේ වන විට තහවුරු වූ රෝගින්ගේ සංඛ්‍යාව 870,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බවත් ඒ අනුව ඊයේ දිනයේදී පමණක් එම පරීක්ෂණ 1142ක් සිදුකර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළද එය නොසළකා හැර කටයුතු කර තිබෙනවා.ප්‍රතිවිපාකය තමයි බණ්ඩාරනායක මාවතේ විශාල පිරිසකට මේ රෝගය වැළදීම.

Read More

නව කොරෝනා ආසාදිතයින් ගණන 416ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ නිවාඩු ලබා සිටි හමුදා සෙබලුන් බදුල්ල රැගෙන ආ බස්රථයේ පැමිණි බදුල්ල රිදීපානවත්ත,වීරියපුර ,නඩුකාරකන්ද,ජයගම,හිගුරුගමුව යන ප්‍රදේශ වල පදිංචි නාවික සහ යුදහමුදා සෙබලුන් පස්දෙනෙකු ඔවුනගේ පවුලේ සාමාජිකයන් සමඟ සිය නිවෙස් තුලම ස්වයං නිරෝධනයට අද (24) ලක් කළ බව බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසූහ .

Read More

ඔවුන් නිවාඩු ලබාගොස් සිටින නාවික හමුදා සෙබළුන් වෙයි. මෙම රෝගීන් පස්දෙනා මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් 415ට අයත් වෙයි.

Read More

රජය මීට පෙර ප්‍රකාශ කළ පරිදි අද රාත්‍රී 8.00 සිට සෙනසුරාදා හා ඉරිදා යන දින දෙකේදී දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ.

Read More

මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිත 415 රෝගියා මිට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වු අතර ඇය ගර්භිණි කාන්තාවකි.

Read More

මධ්‍යම පරිසර අධිකාරියේ ද අනුමැතිය ලත් සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන් 40 ක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම අද (24) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Read More

අද දිනයේදී මේ දක්වා රෝගීන් 46ක් වාර්තා වී ඇති අතර එය මේ දක්වා ශ්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වෙයි.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා සිටි හමුදා සෙබලුන් රැගෙන ආ බස් රථයෙන් පැමිණි නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු නිරෝධායනය සඳහා අද ( 24) දියතලාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි .

Read More

අද දිනයේදී බණ්ඩාරනායක මාවතින් නිරෝධානයට යොමුකළ 11ක්, නාවික හමුදාවේ 30ක, හා තවත් රෝගීන් 5ක් වශයෙන් රෝගීන් 46ක් වාර්තා වී තිබේ.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් සෙබළුන් 30කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව එම කඳවුරේ කොවඩ් ආසාදනය වූ සමස්ත රෝගීන් ගණන 60ක් බවට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 76 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

ශ්‍රී ලංකාවේ නාවික හමුදාව වෙනුවෙන් මුඛ ආවරණ 15000ක්, පරීක්ෂණ කට්ටල 200ක්, ආරක්ෂිත කණ්නාඩි ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් ප්‍රදානය කිරිමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කල රෝගින් ගණන 379 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළෙකු හා කාර්යාලයේ සේවකයෙකු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වීමෙන් පසු ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබෙලෙක් බැංකු කටයුත්තක් වෙනුවෙන් පැමිණ රැඳී සිටි බව කියන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කුරුණෑගල ශාඛාව අද (24දා) වසාදමා මුද්‍රා තැබීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

Read More

යුධ හමුදාවේ 58 වන බල සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙම මධ්‍යස්ථානය තුළ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස 24 දින සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කිරිමත් සමග මධ්‍යස්ථානය හිස් වු බවයි .

Read More

පොහොර තොග සඟවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරමින් තිබූ නාවුල ප්‍රදේශයේ වෙළඳසැලක් මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලා සඟවා තිබූ පොහොර නිලධාරීන් ඉදිරියේ ම පැමිණ සිටි ගොවි ජනතාවට අලෙවි කිරීමේ ක්‍රියාවලිය අද ( 24) පස්වරුවේ සිදු කෙරිණි.

Read More

කුඩාවැල්ල ධීවර වරායේ රාජකාරීවල නිරත වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු අද නිරෝධායනයට ලක් කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීහු පියවර ගත්හ.

Read More

පොලොන්නරුවේදී කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වූ නාවික හමුදා සෙබළා වරකාපොල සිට අලව්වට ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියදුරුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට පරීක්ෂණවලින් සනාථ වී තිබේ.

Read More

අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින් සඳහා වන වීසා බලපත්‍ර 2020 මැයි 12 වැනි දින දක්වා ස්වයංක්‍රීයව දීර්ඝ කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අප්‍රේල් 26 දා සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දැනට කාර්යාලවලට හෝ සේවා ස්ථානවලට නොගොස් පවුලේ අය නිවසේ වෙන දිනවලට වඩා රැඳී සිටීම නිසා ගෘහස්ථ විදුලිබලය භාවිතය ඉහළ ගොස් ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

Read More

විදුලි බිලට අමතර කිසිදු ගාස්තුවක් එකතු කර නොමැති බවත් මුදල් අය කරන්නේ පාවිච්චි කරන ලද විදුලි ඒ්කක ප්‍රමාණය අනුව බවත් විදුලි බිල ගෙවීම සඳහා ප්‍රමාණවත් කාල සීමාවක් ලබා දිමට පියවර ගන්නා බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබේ.

Read More

ඊයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී කිසියම් මතභේදාත්මක තත්වයක් උද්ගතව නොවූ බවත් එම රැස්වීමේදී කිසිදු සාමාජිකයෙක් විසින් එහි වෙනත් සාමාජිකයෙකු වෙත චෝදනා කිරිමක් හෝ කිසියම් දෝෂ දර්ශනයට ලක් කිරිමක් සිදු නොවු බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.