අගෝස්තු පස්වෙනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී රත්නපුර පරිපාලන දිස්ත්රික්කයේ තැපැල් ඡන්දය සඳහා අයදුම් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 1533ක් විවිධ අඩුපාඩු හේතුවෙන් ප්රතික්ෂේප කළ බව රත්නපුර දිස්ත්රික් තේරිම්භාර නිලධාරීනි මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.
ඒ අනුව 31638දෙනෙක් රත්නපුර දිස්ත්රික්කයේ තැපෑලෙන් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ බවද දිස්ත්රික් තේරීම්භාර නිලධාරිනිය සඳහන් කළාය.
ඡන්ද බලප්රදේශ අටකින් සමන්විත රත්නපුර ඡන්ද කොට්ඨාසයේ ඡන්ද බලප්රදේශ අනුව තැපැල් ඡන්දය හිමි ඡන්දදායකයන් ප්රමාණය මෙසේය.
ඇහැලියගොඩ 3821, රත්නපුර 5401, පැල්මඩුල්ල 2453, බළන්ගොඩ 4800, රක්වාන 3992, නිවිතිගල 2928, කලවාන 2173, කොළොන්න 6070කි.
පසුගිය වසරේ නොවැම්බර් 16 දින පැවති ජනාධිපතිවරණයේදී රත්නපුර දිස්ත්රික්කයේ 29,715ක් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලැබීය. මෙවර මහ මැතිවරණයේදී එය ඡන්ද දායකයන් 1923 වැඩිවිමකි.
ජනාධිපතිවරණය පැවැත්වුණේ 2018 ඡන්දහිමි නාම ලේඛනයට වන අතර මහ මැතිවරණය 2019 වසරේ ඡන්දහිමි නාමලේඛනයට අනුවය.
