අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
කිලිනොච්චිය පලෙයි වෙම්බඩිකේලි ප්‍රදේශයේ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක් රැගෙන යමින් සිටියදී අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බවට පලෙයි පොලීසිය පවසයි.
පලෙයි යුද හමුදා නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරකට අනුව පලෙයි පොලිස් නිලධාරීන් පිරිසකගේද ඒකාබද්ධ සෝදිසි වැටලීමකදී අදාල පුපුරණද්‍රව්‍ය තොගය පොහොර උරයක දමා රැගෙන යමින් සිටියදී හසුවී ඇති අතර එහිදී පුපුරණද්‍රව්‍ය තොගය අඩංගු පොහොර උරය දමා සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පළා ගොස් ඇත.
දමා ගිය පොහොර උරය පරික්ෂා කිරීමේදී එහි පුපුරණද්‍රව්‍ය තොගය හමු වී ඇති අතර අදාල පුපුරණද්‍රව්‍ය තොගය ලබා ගත් ස්ථානය හා කුමන කරුණක් වෙනුවෙන් රැගෙන ගොස් ඇත්දැයි යන්න පිළිබඳව මේ වන විට වෙනම පරික්ෂණයක් අරඹා ඇති බවටද පලෙයි පොලීසිය පවසා සිටියි.
කෙසේ වෙතත් පලා ගිය සැකකරුවන් මේ වන විට අනාවරණය වෙමින් පවතින අතරම ඔවුන් අත්අඩංගුවට ගැනීමට අද (22) දිනය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇති බවටද පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
