එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
නඩුව නැවත ජුලි මස 27 වනදා කැඳවීමට නියම කළ දිසා අධිකරණය අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එහි උප නායක රවී කරුණානායක යන මහත්වරු වෙත නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළේය.
රංජිත් මද්දුමබණ්ඩාර මහතා සිය පැමිණිල්ල තුළින් සඳහන් කර තිබුණේ තමා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය නැමැති සංධානයකින් නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට වගඋත්තරකරුවන් තීරණය කළ බවයි.