කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ ශීඝ්රගාමී දුම්රියකට මඩු පෙරියකාඩු ප්රදේශයේදී පුද්ගලයෙකු පැන අද (22) උදෑසන සියදිවි හානිකරගෙන ඇති බවට මඩු පොලීසිය පවසයි.
මන්නාරම එලුත්තිරායි ගම්මානයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙකු වූ ආර්.රඝුසංකර් නැමති මෙම පුද්ගලයා දුම්රියට පැන සියි දිවි හානකොට ගෙන ඇති බවට මඩු පොලීසිය විසින් අනාවරණය කොට ගෙන ඇත.
අදාල පුද්ගලයා සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් මන්නාරම් රෝහලට රැගෙන ගිය බවටද වැඩිදුර පරික්ෂණ සිදු කරන මඩු පොලීසිය වැඩිදුරටත් පැවසීය.
