යාපනය ස්ටැන්ලි මාර්ගයේ අත්තියඩි මංසන්ධියේදී නීතිවිරෝධී අයුරින් කසල බැහැර කල අයෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් මහජන සෞඛ්‍ය පරික්ෂක වරයෙකුට පහරදීමෙන් තුවාල ලබා ඊයේ (21) දින රෝහල්ගත කොට ඇත.
අත්තියඩි මංසන්ධියේ කසල බැහැරකිරීමෙන් වලකින්න යනාදි වශයෙන් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කලද එම ස්ථානයට කසල බැහැර කිරීම හේතුවෙන් පුද්ගලයින් 70 කට පමණ අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් නීතිමය පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් අදාල ස්ථානයට කසල බැහැරකරමින් සිටි අයෙකු එම අවස්ථාවේදීම හඳුනාගෙන ඔහුට නීතිමය පියවර ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී කසල බැහැර කිරීමට පැමිණි පුද්ගලයා විසින් පහර දී පළා ගොස් ඇති අතර තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා යාපනය රෝහලට ඇතුලත් කොට ඇති අතර පහරදීම සිදු කල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.
