මන්නාරම යාපනය ප්රධාන මාර්ගයේ තල්ලඩි ප්රදේශයේ පිහිටා තිබූ ගණපති හින්දු කෝවිලකට ඊයේ (21) සවස කිසියම් පිරිසක් විසින් හානි කොට පළා ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.
ඊයේ සවස කිසියම් පිරිසක් කෝවිල තුලට ඇතුලු වී කෝවිලේ පිහිටි ගණදෙවි පිළිමයකට මෙන්ම කෝවිල් මණ්ඩපයේ පිහිටි භාණ්ඩ රැසකටද හානි කොට පළා ගොස් ඇති බවට අනාවරණය වී ඇත.
මෙම ගණපති කෝවිලට මීට පෙර අවස්ථාවකදීද කිසියම් පිරිසක් මෙලෙස ඇතුල් වී දේව ප්රතිමාවලට හා භාණ්ඩ රැසකට හානි කල බවටත් වරදකරුවන් මෙතෙක් නිදැල්ලේ පසුවන බවට ප්රදේශවාසීහු පවසා සිටිති.
කෙසේ වෙතත් මේ වන විට කෝවිලට හානි සිදු කල පුද්ගලයින් කවුරුන්දැයි යන්න හඳුනාගැනීම සඳහා පරික්ෂණයක් සිදු කරන බවටද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
