කෝව්ඩි 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාර්තු මස 17 වන දින සිට තාවකාලිකව අත්හිටුවනු ලැබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය අද (22) සිට යළි සිය රාජකාරි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ දැඩි සෞඛ්යාරක්ෂණ ක්රමවේදයන්ට අදාළවයි.
අන්තර්ජාලය ඔස්සේ කලින් දින හා වේලාවන් වෙන් කරගත් 250 දෙනෙකුට පමණ පළමු අදියර යටතේ මෙම හැදුනුම්පත් නිකුත් කිරිමේ සේවය ලබා දිමට ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.
