කලාවැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් ග්‍රහණයේ සිටින ඇත් පැටවෙකුගේ පාදයේ ආබාධිත තත්වයක් හදුනා ගත් ගල්කිරියාගම වන ජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය චන්දන ජයසිංහ සහ උදේශිකා මධුවන්ති මහත්මියගේ අධික්ෂණය යටතේ ඇත් පැටවාට ප්‍රතිකාර සිදු කලාවැව ජාතික
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර ඔරුගොඩවත්ත හන්දිය දෙස සිට ඉංග්‍රම් හන්දිය සක්වා රථ වාහන කොළඹ ඇතුළු වීමේදී ඇතිවන රථ වාහන අවහිරතාවය අවම කර ගැනීම සඳහා දුරගමන් සේවා නව සීමිත නැවතුමක් ස්ථාපිත කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreනාවලපිටිය සුපිරි වෙළද සංකීරණයේ දෙවන මහලේ පවත්වා ගෙන යනු ලබන රන්භාණ්ඩ අලවිය හා රන් උකස් මධ්‍යස්ථානයක් බිඳ ලක්ෂ 35කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා උපකරණ සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයයේ දී ඊයේ (30දා) රාත්‍රි මෝටර් ට්‍රොලියක් පිලීපැනීමට ලක්වීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි.
Read Moreවත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් මඩවල නගරයේ හට ගත් හදිසි ගින්නක් හේතුවෙන් පාවහන් අලෙවි සැලකට බරපතල හානි සිදු ව ඇති අතර තවත් ඇඳුම් මැසීමේ වෙළඳ සැලකට හානි සිදුව තිබේ. මෙම ගින්න නිසා එම පේලියේ තවත් වෙළඳ සැල් කිහිපයක තිබූ භාණ්ඩ ඉවත් කර ගැනීමට ප්‍ර දේශවාසින් සමත් වීම නිසා එම වෙළඳ සැල් ආරක්ෂා කර ගැනීමට හැකිව තිබේ.
Read Moreපොතුවිල්, කෝමාරි ප්‍ර දේශයේදි අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ වන්දනා නඩයක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ. අනතුරින් බස් රථයෙන් ගමන් ගත් 57 දෙනෙකු පමණ තුවාල ලබා කෝමාරි, තිරුක්කෝවිල් හා පොතුවිල් යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.
Read Moreඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.
Read Moreෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුව මේ වන විට තියාන්ජින් නගරයේ පැවැත්වීමට නියමිත අතර, එය ගෝලීය දකුණට නව අවස්ථා සහ බලය ලබාදෙන සම්මන්ත්‍රණයක් ලෙස සැලකේ.
Read Moreඅපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රජයන් ඇත්තේ කර්මාන්ත අපහසුතාවට පත් කිරීමට නොව පහසුකම් සැලසීමට බවත්, නීති රීති සම්පාදනයේදී අදාල ක්ෂේත්‍ර සමඟ සහ සම්බන්ධතාවක් පවත්වාගෙන යාම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
Read Moreමහ මඟ වැටී තිබී අහුලා ගත් අයිතිකරුවෙකු සොයා ගැනීමට නොහැකි මුදල් පසුම්බියක් දින හතරක් තිස්සේ උපක්‍රමශීලීව හිමිකරු සොයාගෙන ගොස් අයිතිකරුට භාර දුන් අපූරු රියදුරෙක් පිළිබඳව තොරතුරක් 30 දින උදෑසන දඹුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා විය’
Read Moreඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත් අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ දුව 08/29 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreනුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ආදී ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස්විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සුවපහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන ලෙස මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් නුදුරේදීම ක්‍රියාවට නංවන බව ප්‍රකාශ කළේය.
Read Moreලකුණු 299ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 291/8 සීමා කිරීමට සමත්වු ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගෙයන් ලකුණු 7ක ජයක් වාර්තා කළේය.
Read Moreඅවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින් අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමේදී වාහන අමතර කොටස්වල තත්ත්වය පරීක්ෂා කරමින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කරන බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) එක්ව සංවිධානය කරන ජපන් රැකියා පොළ වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් හෙට දින (8/30) කාර්යාංශයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
Read Moreවිශේෂයෙන්ම රු. 2000 පමණ මිලකට පැවති ආසන පටි මිල රු. 5000 ත් 7000ත් අතර මිලක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවත් මෙය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් පරීක්ෂා කර බැලිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreජනිත් ලියනගේ 70* (පන්දු 47) හා කමිඳු මෙන්ඩිස් 57 (පන්දු 36) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77කදී ගොඩ නැගූ ලකුණු 137ක වේගවත් සබඳතාවත් සමගින් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299ක දැවැන්ත ඉල්කයක් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreඅරගලකරුවන් විසින් හානි කළ තම දේශපාලන කාර්යාලය වෙනුවෙන් වන්දි මුදල් ලබාගෙන දූෂණය නමැති වරද කර ඇති බවට වූ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කෙරුණි.
Read More2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ලබන 12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
Read Moreපූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29දා) නියෝග කළේය.
Read Moreකොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඒම රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව ජනපතිට පිළිගැන්වේ
Read Moreනානුඔය එඩිම්බරෝ වත්තේ නිවසක සුරතලයට ඇති කල සුනඛයෙකුට අමානුෂික ලෙස පහර දී අල්ලා පොළවේ ගසා නානුඔය ඇළට වීසි කල තරුණයා නානුඔය පොලිසිය මගින් (28) දින සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කල පසු සැකකරු 9/10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.
Read More1946-47 අළු බඳුන තරගාවලියේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් පැළඳ සිටි තොප්පියක් ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 438,500 කට (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 286,700 / රුපියල් ලක්ෂ 860කට) මිලදී ගෙන ඇත.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
Read More2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමිනිස් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අධිකරණ වෙත සැකකරු පිලිබද නිසි කරුණු ඉදිරිපත් නොකරමින් සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් හැටන් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරින්ට එරෙහිව විමර්ශණයක් ආරම්භ කරන බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසිය.
Read Moreකොළඹ මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
Read Moreකොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය, සේනාරත්න මහතාව අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කළාය.
Read Moreතුන්පත් රෑනක වන අලි රංචුවක් සමගින් සද්දන්ත තනි අලියකු ද දැනට සති දෙකක පමණ කාලයක් තිස්සේ මාතලේ යටවත්ත ප්‍රාදේශයේ ගම්මුල්ල,දිවිල්ල ආදි ප්‍රදේශවලට මේ දිනවල සැරිසාරිම නිසා බෝග වගාවන් විනාශයට පත් කරන බවත් ජන ජිවිතයටද බලපැම් එල්ල වි ඇති බව ගම්වාසිහු කියයි.
Read More