උසස් අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපත්තියක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේ 6 ශ්‍රේණියෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
අද(24) පෙරවරුවේ මහනුවර දළදා මාලිගාව අසලින් ආරම්භ වූ සාම පාගමනේ සමාරම්භයෙන් අනතුරුව, ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
අධ්‍යාපන ක්ෂේත්රය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය කියා සිටියේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, උසස් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමද ප්රමුඛත්වයෙන් සිදුකරමින් ඇති බවයි. එමෙන්ම, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කමිටුවක් පත් කර ඉදිරි පියවර ගනිමින් සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
තවද, පසුගියදා වාර්තා වූ මුදල් වංචාව සම්බන්ධයෙන් රජය විසින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, ඒ සඳහා දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඇය පැවසුවාය. එම විමර්ශන සඳහා ජාත්‍යන්තර සහයද ලැබී ඇති අතර, විශේෂයෙන් ඔස්ට්‍රේලියානු රජයද සහය ලබාදීමට එකඟ වී ඇති බව සඳහන් කළාය.
දේශපාලන කරුණු පිළිබඳ අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ප්රජාතන්ත්රවාදී රටකට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය වුවද, ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන ආකාරයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කම විපක්ෂය තවමත් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නොමැති බවයි. පදනම් රහිත චෝදනා ඉදිරිපත් කිරීම සහ රජය අපහසුතාවයට පත් කිරීම වෙනුවට වගකීමෙන් යුතු දේශපාලනයක් අවශ්‍ය බවද ඇය අවධාරණය කළාය.
ඒ සමඟම, තමන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පිළිබඳ ප්‍රකාශයන් සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඇය, එවැනි අවස්ථාවක් ලැබෙන තෙක් තමන් ද සූදානමින් සිටින බවත්, අවශ්‍ය විට කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් පැවසුවාය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
