ඇටවීරගොල්ලෑව පොලිස් වසමේ කෝන්ගොල්ලෑව ප්රදේශයේදී ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ජීව අත්බෝම්බයක්, T56 ජීව පතරොම් 52 ක් හා 09mm ජීව පතරොම් 30 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 48 ක් වන ඇටවීරගොල්ලෑව ප්රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා සෙබලෙකි. ඇටවීරගොල්ලෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.