2020 සිට 2024 දක්වා දුම්රිය පීලි පැනීම් 585ක්
පසුගිය වසර පහක කාලය තුලදි (2020-2024) දුම්රිය පිලි පැනිම් 585ක් වාර්තා වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මෙම කාලය තුල දුම්රිය මැදිරි වෙන්විම් ( විභද්ධවිම්) 13ක් වාර්තා වි ඇති අතර ගැටිම් 62ක් වාර්තා වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. දුම්රිය හරස්මාර්ගවල අනතුරු 385ක් සිදුවි තිබු අතර ඉන් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබු අතර පුද්ගලයින් 105 තුවලා ලබා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
පසුගිය වසර පහකද කාලය තුල මුදල් රෙගුලාසි 104 ප්‍රකාරව අනතුරු 572 සිදුවි වසර එකත් හතරත් අතර කාලයක් ගතවි තිබුණද . පරික්ෂණ අවසන්කර තිබු අනතුරු සංඛ්‍යාව 88කි. එම අනතුරුවලට අනුව තක්සේරුකරණු ලැබු අලාභය රුපියල් දෙකෝටිහාරලක්ෂ, පනස්හයදහස් නමයකි.(20,456,009)
දුම්රිය දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින්ගේ අධික පුරප්පාඩු හේතුවෙන් පිලි පැනිම්, විභද්ධවිම් ,ගැටිම් සහ හානිවිම් පිළිබද මුලික විමර්ශන කටයුතු අධිකලෙස ප්‍රමාදවිම් සිදුවි ඇති බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
