එක්සත් ජනපදයේ ඉල්ලීම් ඉස්ලාමාබාද්හි සාම සාකච්ඡා අසාර්ථක වීමට හේතු වී ඇති බව ඉරාන විදේශ අමාත්‍ය
අබ්බාස් අරග්චි පවසයි. සිය රුසියා සංචාරය ආරම්භ කරමින් එරටට ළඟාවීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසිය.
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම පිළිබඳව ද අදහස් දක්වමින් ඔහු පැවැසුවේ තීරණාත්මක ජල මාර්ගය
හරහා ආරක්ෂිතව ගමන් කිරීම ගෝලීය ගැටළුවක් ලෙස පවතින බවයි.