රු. 15000ක් අල්ලස් ගත් කම්කරු නිලධාරියා වසර හයක් හිරේට
වැල්ලවාය වීරසේකරගම කුකුළ් වගා ගොවිපොළ හිමියෙකුගෙන් අල්ලස් ලබාගත් කම්කරු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් වසර හයක සිර දඬුවම් නියම කරන ලදි.
වසර හයක සිර දඬුවම් නියම කොට සියලු සිර දඬුවම් වසර හයකින් ගෙවීයන සේ නියම කෙරිණි.ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් පන්දහස බැගින් අල්ලස් ලබාගත් රුපියල් පහළොස් දහසේ මුදලට සමාන අමතර දණ්ඩන මුදලක්ද නියම කෙරිණි.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ හපුතලේ දිස්ත්රික් කම්කරු කාර්යාලයේ, කම්කරු නිලධාරියෙකුවූ අමුදමන ආරච්චිගේ නිමල් රෝහණ සෝමවර්ධන යන අයටය.
2009 සැප්තැම්බර් 02 වෙනි දින පැමිණිලිකරු වන ගොවිපළ හිමියා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලිඛිතව කරන ලද පැමිණිල්ලක ට අනුව අදාළ කම්කරු නිලධාරීවරයාට එරෙහිව මෙම නඩුව පවරා පවරා තිබිණි.
මෙම සැකකරු විසින් කුකුළ් ගොවිපොළ් හිමියන්ගෙන් රුපියල් පහළොස් දහසක් ඉල්ලා අදාළ මුදල ලබාගෙන තිබිණි.
ඒ පිළිබඳව කොළඹ මහාධිකරණයේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව සියලු සාක්ෂි සලකා බැලීමෙන් පසුව ගරු අධිකරණය විසින් විත්තිකරුට එරෙහිව චෝදනා සනාථ වූ බව තීරණය කර මෙලෙස දඬුවම් නියම කෙරිණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාවේ සහකාර අධ්යක්ෂ ජෙනරාල් තනූජා බණ්ඩාර මෙනවිය විසින් පැමිණිල්ල මෙහෙයවීය.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
