saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 119 hours ago

LATEST

වැවට සවියක් යටතේ වැව් 109ක් හදයි

calendar_today 2025 අගෝ 27 - 19:31 remove_red_eye - 105  

“වැවට සවියක්” ජාතික වැඩසටහන යටතේ මහවැලි කලාපයෙහි පිහිටි කුඩා හා මධ්‍ය පරිමාණ සියලුම වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනක් ‘ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම පශූ සම්පත් ඉඩම්‍ හා වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා පිරිමි අයදුම්කරුවන්ට පමණක් ඉදිරිපත්වීමට හැකි බවට සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමුකර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (27) දැනුම් දුන්නේය.

Read More

මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වල කමක් වුයේ රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියට ආධාරක විදුලි සැපයුම අකර්මන්‍යය වීමයි. එවැනි තත්වයකදී සිසිලනය සඳහා දින හතරක හෝ පහක කාලයක් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු වීමයි. එ නිසා සැළකිය යුතු මූල්‍ය අලාභයක් ද සිදු වේ.

Read More

මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට පිළියමක් වශයෙන් නගරය හරහා දිවෙන මගි ප්‍රවාහන බස් රථ එකාබද්ධ කාල සටහනකට අනුව ධාවනය කරවීමේ පෙරහුරු වැඩසටහනක් සැප්තැම්බර් මස 15 වැනි දින සිට ක්‍රියාත්මක කරන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

Read More

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව මත නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

ලංකික පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන ඇති අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් ගොනු කර ඇති පෙත්සම් දෙක ඔක්තෝබර් 17 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියෝග කළේය.

Read More

සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්‍පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය.

Read More

රුපියල් කෝටි දහයක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් , ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු 08/27 උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

උඩරට දුම්රිය මාර්ගයේ මහනුවර සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ගෙවී ගොස් ඇති රේල් පීලි වෙනුවට අලුතින් රේල් පීලි සවි කිරිමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග නඩත්තු අංශය විසින් මේ වන විට ආරම්භ කර ඇත.

Read More

ඖෂධ වල උපරිම සිල්ලර මිල නිර්ණය කිරීම සඳහා වන නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

ගාලු මුවදොර ’ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සේවයෙන් පහ කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

වී අලෙවි මණ්ඩලයට අයත් මොනරාගල නගරයේ හුලංදාව හංදියේ පිහිටි වී ගබඩාවට මේ වන විට වී කිලෝ එක් ලක්ෂ තිස්දහසක් පමණ ලැබී ඇත.

Read More

කොළඹ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න ප්‍රදේශයේදී අද අලුයම 03.ට පමන ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ බර වාහනයකට සීගිරිය වනජීවී රක්ෂිත කලාපය නිජ භූමිය කරගෙන සැරිසරූ වයස අවුරුදු 10 ක පමන අලි පැටියකු ගැටීමෙන් එම වන අලියා බරපතල තුවාල ලබා ප්‍රධාන මාර්ගය ආසන්නේ වැටී සිටි.

Read More

කඳුකර වනාන්තර ආසන්නයේ පදිංචි පාරම්පරික හේන් ගොවියන්ට රජය ඇතුලු විවිධ පාර්ශව මගින් යොදා ඇති තහංචි හේතුවෙන් ඔවුහු හේන් ගොවිතැන අත්හැර දමන තත්වයකට පත්ව සිටින අතර දැඩි ආර්ථීක පසුබෑමකට ලක්ව සිටිති.

Read More

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි යොදවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

කුලියාපිටියේදී අද (27දා) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු හා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ගලේවෙල දේවහුව ප්‍රදේශයේ මීට වසර හයකට ඉහතදී අඹු සැමි යුවලක් නිවස තුළින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට පලි ගැනීමක් වෙනුවෙන් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කොට සිරුර පුළුස්සා වල දැමූ කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදාවේ සේවය කරන තරුණයෙකු 26 දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව ගලේවෙල මකුළුගස් වැව පොලිසිය කියයි.

Read More

2025 වසරේ පළමු කාර්තුවෙහි (ජනවාරි පළමු වැනිදා සිට මාර්තු තිහ දක්වා) ඉහළම විරැකියා අනුපාතය වාර්තා වනුයේ අ. පො. ස( උසස් පෙළ) සහ ඊට ඉහළ කාණ්ඩය බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණයවේ.

Read More

අධිවේගී මාර්ගවල ධාවනය බස්රවල මගීන්ට , ලබන මස 01 වන දින සිට ආසන බඳපටි පැලඳීම අනිවාර්ය කලත් මේ වන විට ආසන පටි හිගයක් රට තුල පවතින නිසා නීතිය ක්‍රියාත්මක කිරිම යම් කාලයක කල් දැමිය යුතු බව බස් හිමියන් හා පාසල් ළමුන් ප්‍රවාහන රථ හිමියන් සදහන් කරති

Read More

ග්‍රාම නිළධාරි කාර්යාලයට අවශ්‍ය අල්මාරියක් මිලදි ගැනීම සදහා ප්‍රදේශයේ පුද්ගලයකුගෙන්, රුපියල් 23500ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන, ග්‍රාම නිළධාරිණියක් අද ( 26) පස්වරුවේ අල්ලස් හා දුෂණ විමර්ශණ කාර්යංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙි.

Read More

එදා සෙවනගල සීනි කර්මාන්තායතනය ණය සහ විවිධ සේවාවන් වෙනුවෙන් කෝටි 800 මුදලක් විවිධ ආයතන වලට ගෙවීමට තිබියදී එම ගෙවිය යුතු මුදල් සඟවා ලාභ පෙන්නුවා ඒ නිසයි එදා ආයතනය ලාභ ලැබුවේ - මොනරාගල දිස්ත්‍රික් පා.ම වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමති ආර්.එම් ජයවර්ධන මහතා -

Read More

රජය විසින් වී මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරන අතර තෙත වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයේ දැනට සම්මත වී තිබෙන පනත අනුව ගන්න ප‍්‍රතිපාදන නැති බවත් එම 1971/14 දරන පනත ඉදිරියේදී සංශෝධනය කිරිමට කටයුතු කරන බවත් දැනට රජයේ ගබඩාවල වී මෙ. ටො. 26000 කට අධික ප‍්‍රමාණයක් තිබෙන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (26දා) කුරුණෑගලදී පැවසීය. රජය විසින් වී මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරන අතර තෙත වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයේ දැනට සම්මත වී තිබෙන පනත අන

Read More

රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතිකය ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read More

ඇමරිකාවේ ගුවන් සේවා දැවැන්තයෙකු වන බෝයිං සමාගමෙන් කොරියානු එයාර් ගුවන් සේවයට ගුවන් යානා 103 ක් මිලදී ගැනීම සඳහා සමාගම් දෙක ගිවිසුමකට එක්ව තිබේ.මෙම ගිවිසුමේ වටිනායක ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් වෙයි.

Read More

නොරෝච්චෝල පොලිස් වසමේ නාවක්කාඩුව ප්‍රදේශයෙ පුද්ගලයකු නයෙකු දෂ්ඨ කිරීමේන් පසු මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය 26 දින පැවසිය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 40 හැවිරිදි මාම්පුරිය නාවක්කාඩු පදිංචි ජෙයනේෂන් ජෙරෝන් ෂෙල්ටන් නැමති එක් දරු පියකු බව කියයි.

Read More

මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනතාව කිසිදු සැකයක් ඇතිකර ගත යුතු නොමැති බවත් ජාතික ආරක්ෂාව වත්මන් රජය තහවුරු කර ඇති බව වගකීමේන් පවසන බවත් ජාතික ජන බලවේගයේ මැදවච්චිය ආසන සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පැවැසීය.

Read More

රජයේ මුදල් රුපියල් ලක්ෂ 166 අවභාවිත කිරී‍මේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

’’මම රනිල් වික්‍රමසිංහ බලන්න ගියානම් ජනමාධ්‍ය මම ගිය බව ඔප්පු කළ යුතුයි.අගමැති හැටියට මට ඕන,ඕන තැනට එහෙම යන්න බෑ, හොරෙන් යන්නත් බෑ මම ගිය බව ඔප්පු කරන්නැයි ජනමාධ්‍යයට අභියෝග කරනවා සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අයට නිසි ක්‍රියාමාර්ග ගන්නවා’’ යැයි අගමැතිනි හරිනි අමරසුරිය මෙනවිය ඌව පළාත් සභාවේදි 26 දින පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.