saravita-anim2

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි මස 12 වන සඳුදා

Latest News - timelapse 118 hours ago

LATEST

වී අලෙවි මණ්ඩලය මිලට ගත් වී තොග සහල් කිරීමට යයි

calendar_today 2025 දෙසැ 16 - 20:07 remove_red_eye - 87  

වී අලෙවි මණ්ඩලය පසුගිය යල කන්නයේදී මිලදී ගත් වී තොග, වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මොල් හිමියන් මඟින් සහල් , කර ලක් සතොස සහ සමූපකාර ජාලය හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

ගමනාගමන අපහසුතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශයවල පාසල් සිසුන්ට 2025 දෙසැම්බර් මාසයේ පාසල් වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ දුෂ්කරතා මතුව ඇති බැවින් 2025 නොවැම්බර් මාසයට අදාල පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට 2025 දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දින වල දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කර තිබේ. මෙම නිවේදනය දෙසැම්බර් 17 දින පෙරවරු 8.30ට සිටි දෙසැම්බර් මස 18 දින පෙරවරු 8.30 දක්වා වලංගු බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත් හා පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා අදාලව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

බලපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය වෙනුවෙන් වූ අයවැය වාර්තාව වැඩි ඡන්ද 01 කින් අද (16) පරාජයට පත් විය. ජාතික ජන බලවේගය පක්ෂයට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය සභාපති අනුරුද්ධ මහවැලි මහතා විසින් අද (16) පෙරවරුවේ ඉදිරිපත් කළේය. අයවැය විවාදයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමේදි අයවැයට පක්ෂව ඡන්ද 16 ක් හා විපක්ෂව ඡන්ද 17 ක් හිමි විය.

Read More

හදිසි ආපදා තත්ත්වයෙන් විනාශ වූ මාර්ග හා පාලම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක්. ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 20 ක පමණ අලාභයක්.

Read More

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම වටිනාකම මෙය වෙයි. මතීෂ පතිරණව මිලදී ගනු ලැබුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්ය.

Read More

එරාවූර් පොලිස් භෝජනාගාරයේදී පොලිස් සැරයන්වරයෙකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම භෝජනාගාරයේ පාලක වශයෙන් කටයුතු කරන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව එරාවුර් පොලිසිය පවසයි.

Read More

ටික්ටොක් සමාජ මාධ්‍ය මගින් හඳුනා ගත් පාසල් සිසුවියක් කන්තලේ ඊච්චලම්පත්තු වෙරළ තීරය වෙත රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ පාසල් සිසුවකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ඊච්චලම්පත්තු පොලිසිය පවසයි.

Read More

කොටගල සිට අඹේවෙල දක්වා දුම්රිය ධාවනය කිරිම අතිදුෂ්කර බව දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවන් කියයි. ග්‍රෙඩ්වෙස්ටන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ නායයෑම පළමු වරට මාධ්‍යට.

Read More

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පසුගියදා ඇති වූ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නාය යෑමේ අවදානමට ලක් වූ මධ්‍යම පළාතේ පාසල් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත.

Read More

2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව සකස් කරන ලද ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත ඒ සඳහා පත් කරන ලද කමිටුව විසින් ගරු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත පිලිගන්වන ලදී.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් උඩුදුම්බර ගංගොඩ ප්‍රදේශයේ නිවසක් නායාමට ලක්ව මියගිය පුද්ගලයෙකුගේ බැංකු කාඩ් පතක් සොරාගෙන, රුපියල්. 6000 ට ආසන්න භාණ්ඩ ලබාගත් බන්ධනාගාර නියාමයකයකු අත්අඩංගුවට ගත් බව උඩුදුම්බර පොලිසිය පවසයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (16දා) සිදු කිරීමට නියමිතව තිබේ.

Read More

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මාර්ග 316 ක් හානියට පත් වූ බවත් ඉන් මාර්ග 302ක් මේවනවිට රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.

Read More

දුම්රිය මාර්ග විවෘත වූ සැනින් දුම්රිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු යළි ආරම්භ කරන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් පී.ඩී.එස් බණ්ඩාර චන්ද්‍රසේන මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙ බව පැවසීය.

Read More

රාත්‍රී කාලයේ නිවසක් බිඳ මුදල්, රන් භාණ්ඩ හා දේපළ සොරකම් කල සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට - ගල්නෑව පොලිස් ස්ථානය.

Read More

2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී.රත්නායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර තිබේ.

Read More

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් වසා තිබූ දිවයිනේ බොහෝ පාසැල් අද 16 වනදා විවෘත කළත් මහනුවර දිස්ත්‍රික්කයේ පාසැල් 63 ක් 16 වනදා එනම් අද දිනයේ විවෘත නොකරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

Read More

ලංකාවේ භූමියෙන් සියයට 30 ක් නායයෑමේ අවදානමක පවතින බවත් දිස්ත්‍රික්ක 14 ක මෙම භූමිය පැතිරී ඇති බවත් 2025.05.16 වන දින ’අද’ පුවත්පත මගින් හෙළි කළ අයුරු

Read More

පාසැල් නිල ඇඳුම සහ වාර ප්‍රවේශ පත්‍රය නොමැතිව පාසැල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් යොදවා ඇති බස්රථ මඟින් පැසැල් වෙත යාමට අවශ්‍ය පහසුකම් සළසා දී ඇති බව ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සජීව කනකරත්න මහතා පවසයි.

Read More

2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ග්‍රාමීය සංවර්ධව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පැවැත්විණි.

Read More

පවතින ආපදා තත්ත්වය හා ළඟ එන උත්සව සමය පාදක කරගෙන ගර්භනී මව්වරුන් සඳහා රු 5000 ක් වටිනා පෝෂණ දීමනාව ලබාදිම හෙට (16දා) දින සිට ආරම්භ කරන බවත් රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව කියයි. නිරෝගී ශක්තිමත් පුරවැසියෙක් බිහි කිරීමේ මූලික අඩිතාලම වන මාතෘ පෝෂණය ඉහළ නැංවිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

Read More

නවීකරණය කෙරෙමින් පවතින මධ්‍යම බස් නැවතුම්පලෙ හි වත්මන් කටයුතු නිරීක්ෂණය සඳහා අද ( 15 ) දින ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණියේය. මෙම නවීකරණය කිරිමේ කටයුතු ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර අවසන් කිරිමට සැලසුම්කර තිබේ.

Read More

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

අපසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය වේදිකා හරහා මාර්ගගත වංචා සහ මුදල් වංචා කිරීමේ උත්සාහයන් වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, අතිශයින්ම සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මාස 11ට ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවයි... ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වසරේදී වාර්තා වෙයි

Read More

පසුගියදා රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්ව විසින් ල පැදවූ වාහනයේ තිරිංග පද්ධතියේ ගැටලුවක් පැවති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.