මාලිමාවට බලය හිමි බලපිටිය ප්රා ස අයවැය පරදියි
බලපිටිය ප්රාදේශීය සභාවේ 2026 වර්ෂය වෙනුවෙන් වූ අයවැය වාර්තාව වැඩි ඡන්ද 01 කින් අද (16) පරාජයට පත් විය. ජාතික ජන බලවේගය පක්ෂයට බලය හිමි බළපිටිය ප්රාදේශීය සභාවේ මංගල අයවැය සභාපති අනුරුද්ධ මහවැලි මහතා විසින් අද (16) පෙරවරුවේ ඉදිරිපත් කළේය. අයවැය විවාදයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමේදි අයවැයට පක්ෂව ඡන්ද 16 ක් හා විපක්ෂව ඡන්ද 17 ක් හිමි විය.
ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 16 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 03 දෙනෙක්, සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 05 දෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්රීවරුන් 06 දෙනෙක්, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් දෙදෙනෙක් සහ ශ්රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් එක් අයෙක් මෙසේ අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ටොරී තාබ්රේව් මන්ත්රීවරයා සභාවට පැමිණ නොසිටියේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බළපිටිය ප්රාදේශීය සභාවේ කොට්ඨාශ 19 අතුරින් 16 ක් ජාතික ජන බලවේගය පක්ෂය ජයග්රහණය කරන ලද අතර ඒ අනුව ඔවුන්ට මන්ත්රී ධූර 16 ක් හිමි විය. අනෙක් කොට්ඨාශ 03, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ පොදුජන පෙරමුණ ජයග්රහණ කල අතර එම පක්ෂ තුනට මන්ත්රි ධූර 03 හිමි විය. ජාතික ලැයිස්තුව යටතේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්රී ධූර 03 ක්, සමගි ජන බලවේගය පක්ෂයට මන්ත්රී ධූර 04 ක්, ශ්රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්රී ධුර 06 ක් කොමියුනිස්ට් පක්ෂයට මන්ත්රී ධූර 02 ක් සහ ශ්රි ලංකා නිදහස් පක්ෂයට එක් මන්ත්රී ධූරයක් හිමි විය.
සභාපති, උප සභාපති තොරා ගැනීමේ ඡන්දයේදී කොමියුනිස්ට් පක්ෂය ඡන්දය දිමෙන් වැලකී සිටි අතර ඒ නිසාම ජාතික ජන බලවේගය පක්ෂයට මන්ත්රී ධූර 16 ක් හා විපක්ෂයට මන්ත්රී ධූර 16 ක් හිමි විය. කුසපත් ඇදීම යටතේ ජාතික ජන බල වේගය පක්ෂය සභාපති, උප සභාපති ධූර හිමි කර ගනිමින් බළපිටිය ප්රාදේශීය සභාවේ තමන් සතු කර ගත්තේය. එම අවස්ථාවේදි ඡන්දය දිමෙන් වැලකි සිටි කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්රීවරුන් දෙදෙනා මෙවර අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කලේය.
තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

