බුල්නෑව නිවසක් බිඳ ජීප් රථයක්, රන් භාණ්ඩ හා මුදල් කෝල්ල කෑ සැකකරුවන් අල්ලයි
- 16 12 2025
- 11:21
- {{hitsCtrl.values.hits}} views
- ..
2025.12.07 වන දින රාත්‍රී කාලයේ ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් පන්කෝටි හැත්තැදෙලක්ෂ හැටඅටදහාක් (57,268,000/-) වටිනා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක්, රන් භාණ්ඩ මුදල් සහ ජංගම දුරකථන කොල්ලකෑමක් සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
2025.12.14 වන දින ගල්නෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉහත අපරාධයට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු කුරුණෑගල, මාතවතගම හා විල්ගමුව ප්‍රදේශවලදී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 250 ක්, අපරාධයට යොදාගත් අත්වැසුම් ජෝඩු 04 ක්, උල් පිහි 04 ක්, අපරාධයට යොදා ගත් යතුරුපැදියක්, වෑන් රථයක් හා ලොරි රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 34, 36, 38, 40, 43 හා 48 වයස්වල පසුවන කුරුණෑගල, නුගගොල්ල, මාවතගම, මැල්සිරිපුර හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් විසින් කොල්ලකන ලද ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය මීගලෑව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත. තවද කොල්ලකන ලද මුදලින් රුපියල් පනස්නමලක්ෂ තිස්නමදාහක (5,939,000/-) මුදලක් හා කොල්ලකන ලද මුදල් වලින් උපයාගන්නා ලද දේපළ රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
සැකකරුවන් 2025.12.15 වන දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා 2025.12.18 වන දින දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇත. ගල්නෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

