නාය යාමකට හසුව මිය ගිය තරුණයෙකුගේ බංකු කාඩ්පතින් භාණ්ඩ මිලට ගත් බන්ධනාගාර නියාමක අල්ලයි
අයහපත් කාලගුණය හේතුවෙන් උඩුදුම්බර ගංගොඩ ප්රදේශයේ නිවසක් නායාමට ලක්ව මියගිය පුද්ගලයෙකුගේ බැංකු කාඩ් පතක් සොරාගෙන, රුපියල්. 6000 ට ආසන්න භාණ්ඩ ලබාගත් බන්ධනාගාර නියාමයකයකු අත්අඩංගුවට ගත් බව උඩුදුම්බර පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුදුම්බර ගංගොඩ පදිංචි වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි නියාමකයෙකි.
"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් ගංගොඩ ප්රදේශයේ නිවෙස් කිහිපයකම නාය යාමට ලක්ව එහි සිටි පුද්ගලයන් රැසක්ම අතුරුදන්ව සිටි බව පොලිසිය පවසයි.
බැංකු කාඩ් පත හිමි තරුණයාගේ නිවසද. නාය යාමේ අවදානමට ලක්ව ඔවුන් නිවස අතහැර වෙනත් නිවසකට ගොස් සිටියදී , එම නිවසද නාය යෑමට ලක්ව ඔහු පවුලේ අය සමඟ අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් දින කිහිපයකට පසුව තරුණයාගේ නැගණියක් ඔවුන්ගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී සිය වැඩිමල් සොහොයුරාගේ මුදල් පසුම්බිය හමුවී ඇති අතර, එහි තිබූ බැංකු කාඩ් පත අස්ථානගත වී ඇතැයි බවට අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
බැංකුවට ගොස් සොහොයුරාගේ කාඩ් පත අතුරුදන්ව ඇති බවට පවසා ඔහුගේ ගිණුම අක්රිය කිරීමට යාමේදී තරුණයා මියගොස් දින කිහිපයකට පසුත් ඔහුගේ කාඩ් පතෙන් රුපියල් 6000 ට අසන්න භාණ්ඩ මිලදී ගෙන ඇති බවට හෙළි වී ඇත.
මේ සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා ඉහත සැකකාර බන්ධනාගාර නිලධාරියා අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නිවසේ සුන්බුන් ඉවත් කිරීමට උදව් කරන මුවාවෙන් පැමිණ මුදල් පසුම්බියේ තිබූ කාඩ් පත සොරාගෙන ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

