saravita-anim2

2026 ජුනි මස 01 වන සඳුදා

2026 ජුනි මස 01 වන සඳුදා

Latest News - timelapse 116 hours ago

LATEST

6දා සිට වැස්ස වැඩිවෙයි

calendar_today 2026 මැයි 05 - 17:02 remove_red_eye - 119  

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ හේතුවෙන් මැයි මස 6 වන දිනයෙන් පසු දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වත්මන් රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගේ සේවා කාලය අද (05දා) අවසන් වීමට නියමිතය. ඒ් අනුව ඔහුගෙන් හිස්වන රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට දැනට කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන විමල් ලියනගම මහතා හෙට (06දා) සිට පත්කිරීමට ජනපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කුඩා වැල්ල ධීවර වරාය තුළදී අද (05) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

වත්මන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා දිවිත්ව පුරවැසියෙක් නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

අප්‍රේල් මාසයේ නුවරඑළිය මහනගර සභාවව විසින් සංවිධානය කර තිබූ වසන්ත සැණකෙළිය ඊයේ (04) දිනයෙන් නිමා වූ අතර වසන්ත සැණකෙළිය සඳහා තාවකාලික කඩ කාමර ඉදිකර තිබුණු භූමිප්‍රදේශය මුළුමනින්ම කසල විමානයක් බවට පත්ව තිබීමක් දක්නට ලැබිණ.

Read More

චීන රජයට අත්‍යාවශ්‍යව සිටි චීන ජාතිකයන් 37 දෙනෙකුගෙන් යුතු පිරිසක් , ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ , මීගමුව ප්‍රදේශයේ නිවසක සැගවී සිටියදී , ඉකුත් 04/21 දින ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන , වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි අතර , ඔවුන් 05/04 දින රාත්‍රී මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ .

Read More

පසුගිය මැයි 03 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එකතු කළ අගය මත බද්ද (VAT) 18% සිට 20.5% දක්වා වැඩි කර ඇති බවට සමාජ මාධ්‍ය හා ඇතැම් පාර්ශව පතුරුවා හරින ප්‍රකාශයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කරයි.

Read More

ජාතික පද්ධති මෙහෙයුම්කරු වන National System Operator (Pvt) Ltd විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමට අනුව වාචික මහජන අදහස් විමසිම හෙට (06) බණඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කරන බව පවසයි.

Read More

වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වන ටෝ ලාම්, 2026 මැයි 07 සහ 08 යන දෙදින තුළදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරාන ’’වේගවත් බෝට්ටු’’ හතකට එක්සත් ජනපදය පහර දුන් බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. හෝමූස්හි සිරවි ඇති වාණිජ නෞකා ඉන් ඉවත් කිරිමට ඇමෙරිකාව කරන මෙහෙයුමට සමගාමිව මෙම ප්‍රහාර එල්ල කළ බව ට්‍රම්ප් පවසයි.

Read More

කළුතර උතුර පොලිස් වසමේ බෝසිරිපුර ප්‍රදේශයේ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට කළුතර උතුර පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලදී. මරණකාරිය වයස අවුරුදු 35 ක් වූ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Read More

දෙමළ සිනමාවේ ඉහළම නළුවෙකු වන සී. ජෝසප් විජේගේ නව තමිලගා වෙට්‍රි කසාගම් (TVK) තමිල්නාඩු මැතිවරණයජය ගනිමින් තමිල්නාඩුවේ බල පෙරළියක් කිරීමට සඳුදා සමත්විය. ආසන 234 ආසන 108ක ජය ඔහු ලබා ගැනීමට සමත්විය.

Read More

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යන නඩුවකට අදාළ සැකකරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

වීසා කාලය ඉකුත් වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් , කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් තුළ සැගවී සිටියදී 05/04 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මෙරට රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

දුරගමන් මගීන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (Online Seat Booking) කලින් ආසන වෙන්කර ගැනීමේ පහසුකම හඳුන්වා දී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචාකළ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රිවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තමිල්නාඩුවේ ඡන්ද ගණන් කිරීමේ පැය හතකට ආසන්න කාලය අවසානයේ, නළුවෙකු සහ දේශපාලනඥයෙකු වූ සී. ජෝසප් විජේගේ තමිලගා වෙට්‍රි කසාගම් (TVK) සඳුදා (මැයි 4, 2026) පස්වරු 2.45 වන විට ප්‍රාන්තය පුරා මැතිවරණ කොට්ඨාශ 234 න් 106 ක ජයග්‍රහණය ලබා ගනිමින් මැතිවරණ සටයේ ඉදිරියෙන් පසුවෙයි. ඉන්දීය මැතිවරණ කොමිසම (ECI) පවසන පරිදි, DMK+ පක්ෂය ආසන 62ක් ලබා ගෙන තිබෙන අතර AIADMK ප්‍රමුඛ සන්ධානය ආසන 60 ක් ලබාගෙන සිටියි.

Read More

හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වුවහොත් ඇමරිකානු හමුදාවලට පහර දෙන බව ඉරාන හමුදාව පවසයි.

Read More

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් 2026 මැයි මස 03 උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එය නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

Read More

හබරාදුව කොක්වත්ත ප්‍රදේශයේ නිවසක නේවාසිකව රැදිසිටි ඇගලුම් සේවිකාව මියගොස් ඇත්තේ නිවසට අකුණුසැර වැදි එහි සුන්බුන් මෙම තරුණියගේ හිසමතට වැටිමෙන් හිසට වු තුවාල හේතුවෙන් බැව් පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.

Read More

යතුරුපැදියක් තාප්පයක ගැටී පැදිකරු හා පසුපැදිකරු ජීවිතක්ෂයට - අතුරුගිරිය පොලිස් වසම.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධියෙන් සිරවී ඇති යාත්‍රා ඉන් පිටතට ගෙන යාමට එක්සත් ජනපදය ස දුදා සිට සහාය වන බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරන මගී ප්‍රවාහන නෞකාවක වෛරසයක් පැතිරීම හේතුවෙන් ඒහි ගමන් කළ පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැවසීය.

Read More

ඝාතනයක් සැලසුම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් පිස්තෝලයක් සහ එයට දැමිය හැකි පතුරම් දහසයක් සමග බලපිටියේ බේරතුඩුවේදී සහ වඳදූවේදී සැකපිට පශ්න කිරීම සදහා අද(4)අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ( Mohomed Muizu) මහතා ශ්‍රී ලංකාවේ 04 දින නිල සංචාරයක් සදහා 05/03 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

වැල්ලවාය මහආරගම සිරිපුර ප්‍රදේශයේදී (03) වෙනිදා උදෑසන සිදුවූ රිය අනතුරකින් දහම් පාසල් ශිෂ්‍යාවක් මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මහආරගම සිරිපුර පදිංචි බුදුරුවගල විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්.එම් සදිලි නිපුනිකා (14) නැමති ශිෂ්‍යාවකි.

Read More

මෙම වර්ෂයේ (2026) පළමු කාර්තුව තුල මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 740.1 දක්වා සියයට 4.1කින් වැඩිවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.

Read More

පරිඝණක අපරාධ සම්බන්ධයෙන් සැකපිට විදේශ ජාතික පුද්ගලයින් 36 දෙනෙකු හා කාන්තාවක් අත්අඩංගුවට - වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය.

Read More

රුසියානු ෆෙඩරේෂනයේ සෞඛ්‍ය අමාත්‍ය මිඛායිල් මුරෂ්කෝ ( Mikhail Murashko ) මහතා ශ්‍රී ලංකාවේ දින 03 නිල සංචාරයක් සදහා 05/03 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.