ඝාතනයක් සැලසුම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් පිස්තෝලයක් සහ එයට දැමිය හැකි පතුරම් දහසයක් සමග බලපිටියේ බේරතුඩුවේදී සහ වඳදූවේදී සැකපිට පශ්න කිරීම සදහා අද(4)අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
පිස්තෝලය සහ පතුරම් දහසය ළඟ තබාගෙන සිටි සැකකරු බලපිටිය බේරතුඩුවේදී ද ඔහුට එය ලබාදුන් සැකකරු බලපිටිය වඳදූවේදී ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කසිප්පු ජාවාරමක් පිළිබඳව අත්අඩංගුවට ගැනුනු පුද්ගලයකුගෙන් ලැබුණු තොරතුරක් මත මේ ගිනි අවිය සහ පතුරම් තොගය සොයා ගැනීමට හැකිවූ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනා අද (4)පස්වරුවේදී බලපිටිඋඅ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. අහුන්ගල්ල පොලීසිය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.