මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ( Mohomed Muizu) මහතා ශ්රී ලංකාවේ 04 දින නිල සංචාරයක් සදහා 05/03 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔහු සමග ජනාධිපති ආර්යාව ( Frist Lady ) සහ දූත පිරිස ලෙස තවත් එරට උසස් නිලධාරීන් 20 දෙනෙකු ද පැමිණ සිටියහ. ඔවුන් 05/03 දින පස්වරු 05.33 ට මාළදිවයින මාළේ නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 116 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. මෙම පිරිස සිය ශ්රී ලංකා සංචාරය නිමා කර 05/06 දින ආපසු මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.