saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6432 hours ago

LATEST

දැන් ආපසු ගේම් එකට බහිමු

calendar_today 2022 මාර් 20 - 15:02 remove_red_eye - 1926  

මම ස්භාවධර්මය විශ්වාස කරනවා. ඒ නිසා ස්භාවධර්මයෙන්ම මාව ගෙදර යැව්වා. නමුත් මගේ පුංචි මල්ලි තවම පාර්ලිමේන්තුවේ ඉන්නවා. මෙම කාලය අපිට හොද කාලයක් අපේ අඩුපාඩුකම් විශ්ලේෂණය කරන්න, සැලසුම් හදන්න.

චීනය නිදහස් වෙළඳ ගිවිසුම් 26 කට වඩා වැඩි ප්‍රමාණයකට අත්සන් තබා ඇති බව අවධාරණය කළ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ චීනය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කිරීම හරහා ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ සහ නිෂ්පාදන සඳහා බොහෝ ප්‍රයෝජන හිමිවනු ඇතැයි සඳහන් කළේ ය. නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ 7 වැනි වටයේ සාකච්ඡා කඩිනමින් යළි ආරම්භ කරන ලෙසද ඔහු ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

Read More

කෝටි ගණන් වැය කරමින් පවත්වාගෙන යන පාර්ලිමේන්තු භෝජනාගාරය වහා වසා දමන ලෙස ඉල්ලා අද (20දා) පෙරවරුවේදී පිටිගල අමරගමදී ජනතාව උද්ඝෝෂණයක නිරත විය.

Read More

බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

ලාෆ් සමාගම සිය ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4199ක් දක්වා ඉහළ දමා තිබේ.

Read More

කඩවත නගරයේ ඉන්ධන හළක් තුළ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක් ඇද වැටී මියගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරයට විරෝධය පාමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (19) දින විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

Read More

කිරිපිටි මිල ඉහළ යෑම හා සිනි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කොප්පයක මිල රුපියල් 100ක් දක්වා ඉහළ නැංවීමට ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව දැනටමත් ‘අතිධාවන උද්ධමනය‘ ට මුහුණ දී ඇති බවත්, කිසිදු පාලනයකින් තොරව සල්ලි අච්චු ගැසීමට මහ බැංකුවත් කටයුතු කරන්නේ නම් එය ‘ජවන උද්ධමනයක්‘ බවට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇති බවත් හිටපු ආණ්ඩුකාර රන්ජිත් කිර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.

Read More

ආණ්ඩුව කා ගත්තට අපිට කරන්න දෙයක් නෑ. ආණ්ඩුවේ තියෙන විවිධ ප්‍රශ්න නිසා රට අපහසුතාවට පත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිඳු විටක ඉඩ තියන්නේ නෑ.මේ ජනාධිපතිධුරයෙන් (විධායක) ලැබුණ එකම දේ තමයි යුද්ධය පරාජය කරන්න ලැබිම.

Read More

රටට ප්‍රශ්න ඇතිවූයේ විධායක ජනපතිධුරය නිසා බවත් පක්ෂයක් ලෙස විධායක ජනපතිධුරය අහෝසි කළ යුතුමයි කියන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

2022 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දින නියම වී තිබේ. ඒ අනුව තරගාවලිය අගෝස්තු 27 දා සිට සැප්තැම්බර් 11 දා තෙක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

යුක්රේනයේ සිදුවන රුසියානු හමුදා මෙහෙයුම් සමග බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව පනවනු ලැබූ ආර්ථික සම්බාධක හේතුවෙන් රුසියාව චීනය වෙතට වඩාත් නැඹුරු වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කෙරෙයි.

Read More

මොස්කව් සිය හමුදා මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු පළමු වැනි වතාවට කින්සාල් හයිපර්සොනික් මිසයිල යුක්රේනයේ මර්මස්ථාන වෙත එල්ල කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණනය කරනු ලබන ලෝක සංතුෂ්ඨි දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන දෙකක් ඉදරියට පැමිණ 127 වැනි ස්ථානයට පත්ව තිබේ.

Read More

2014 දී ප්‍රකාශයට පත් කරන ලද ජපන් යෙන් ට්‍රිලියන 3.5 (ඩොලර් බිලියන 29) ආයෝජන ඉලක්කය සපුරා ගැනීමට හැකි වූ බව දෙරටේම නායකයෝ පවසති.

Read More

කොරෝනා සහ ආර්ථික බලපෑම් හමුවේ වුවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සම්බන්ධයෙන් එරට නායකයන් සමඟ සාකච්ඡා කිරීමට සිරියානු ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් තිබේ.

Read More

මහනුවර නගරයේ ඉන්ධන පිරවුම් හලක දීර්ඝ වේලාවක් භූමි තෙල් පෝලිමක සිටි වයස අවුරුදු 70 ක පුද්ගලයෙකු ඇද වැටීමෙන් පසු සුවසැරිය ගිලන් රථයකින් මහනුවර රෝහල කරා ගෙන යමින් සිටියදී ඔහු මියගිය බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .

Read More

මුල් ප්‍රභේදවලට වඩා ඔමික්‍රෝන් අඩු බරපතළ තත්ත්වයක් පෙන්වූවත්, සමහර අවස්ථාවල එය තවමත් එන්නත් නොකළ හෝ දියවැඩියාව, පෙනහළු ආබාධ සහ වෙනත් සෞඛ්‍ය සංකූලතා ඇති අයට මාරාන්තික විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.

Read More

කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඇති දලුපොත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කල යතුරු පැදියක් දුම්රියේ ගැටිමෙන් ඊයේ (18දා) පස්වරු 6.00 ට පමණ සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව සිදුව පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (18දා) කටයුතු කෙරිණි.

Read More

බොර තෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20දා) සිට යළිත් තාවකාලිකව වසා දැමීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

විවිධ මානසික ආබාධ ඇති පුද්ගලයන්ට ලබාදෙන ඖෂධ මත්පෙති ලෙස අලෙවි කළ රජයේ විශ්‍රාමික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි චෙක් ජාතිකයෙකු ඊයේ දින සවස ගාල්ල වරායෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී , එහි සේවයේ නියුතු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ති‍බේ.

Read More

මොස්කව් සහ කියෙව් අතර පවතින ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ඇලී සිටින ලෙස ඉල්ලා සිටිමින්, බීජිං සැමවිටම සාමය වෙනුවෙන් පෙනී සිටින අතර යුද්ධයට විරුද්ධ බව චීනයේ නායකයා ඇමෙරිකානු නායකයාට අවධාරණය කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 280ක් බවට සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 275ක් ලෙස පැවැතුණි.

Read More

’’ඩොලරය විශාල කළු කුහරයක් බවට පත් වී ඇති අතර, ඕනෑම අවස්ථාවක, රටවල සහ පුද්ගලයන්ගේ ධනය විනාශ කළ හැකි මෙවලමක් වී තිබෙනවා’’ චීන විශේෂඥයෙකු පෙන්වා දෙයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම අනුව සති අන්තයේ විදුලිය කප්පාදු කිරීීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.