පවතින ඩීසල් හිඟය නිසා හෙට (07දා) සිට බස්රථ ධාවන කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණ වී තිබෙන බවත්, මෙම තත්ත්වය ඉදිරි දින 05ක කාලයක් පමණ පැවතිය හැකි බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
බොහෝ පිරවුම්හල්වලින් ඊයේ (05දා) දිනයේදී ඩීසල් නිකුත් නොකළ බවත්, මේ නිසා හෙට දිනයේදී අතිබහුතරයක් බස් රථවලට ධාවනය කිරීමට නොහැකි වන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
එසේම අද (06දා) දින පැවැත්වෙන හර්තල් සඳහා සහාය දැක්වීමට ඊයේ (05දා) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට අද මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බස්රථ සේවයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
පවතින ඉන්ධන හිඟය මේ මස 12වැනිදා දක්වා පැවැත්වෙන බවට තෙල් සංස්ථා බලධාරීන් ප්‍රකාශ කර තිබෙන බවත්, මේ නිසා හර්තාල් අවසන් වූ පසු ඉදිරි දින 05ක කාලය තුළදී බස් රථවලින් 10%ක්වත් ධාවනය කිරීමට හැකිවේදැයි කිව නොහැති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
දිගින් දිගටම ඩීසල් හිඟයක් පවතින නිසා පොදු ප්‍රවාහන සේවය සඳහා අඛණ්ඩව ඩීසල් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ප්‍රවාහන බලධරීන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් එවැනි වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා බස්රථවලට අවශ්‍ය ඉන්ධන නිසි ලෙස ලබාගැනීමට නොහැකි වී තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.