තිරු නඩේෂන් මහතාගේ මැදිහත්වීම මත සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය තිරු නඩේෂන් මහතාගේ නිවසේදී පොහොට්ටුවේ නායකයෙක් හමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව ඕනෑම රූපවාහනී නාළිකාවක විවාදයක් සඳහා පැමිණෙන ලෙස තමන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව විමල් විරවංශ මහතා පැවැසිය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම නියෝජ්‍ය කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් තවත් නමක් ඉදිරිපත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් විපක්ෂයේ බෙදීමක් ඇති කිරිමට සජබය කටයුතු කළ බවද ඔහු ප්‍රකාශ කළේය.