මන්නාරම පොලිස් වසමේ තාල්වුපාඩු තීරයේදී මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව ඉන්දියාවට ගමන් කිරීමට උත්සහ ගත් පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ (04දා) රාත්රියේ අත්අඩංගුවට ගත් බවට නාවිකහමුදාව පවසයි.
තාල්වුපාඩු මුහුදු තීරයේදී අදාල පරිස මුහුදු මාර්ගයෙන් ධීවර යාත්රාවක් උපයෝගි කොටගෙන ගමන් කරමින් සිටියදී උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසකට නිරීක්ෂණය වීමෙන් අනතුරුව අදාල පිරිස නාවික හමුදා බාරයට ගනු ලැබීය.
අනවසරයෙන් ඉන්දියාවට යාමට උත්සහ ගෙන නාවික හමුදා බාරයට පත් වූ පිරිස මන්නාරම පොලීසියට භාරදීමට නාවිකහමුදාව විසින් පියවර ගෙන තිබුණි.
එම පිරිස් ත්රීකුණාමලයේ පදිංචි පවුල් 3 කට අයත් පුද්ගලයින් 12 දෙනෙකු වූ අතර අදාල පිරිස බොට්ටුවක් මගින් රැගෙන යාමට උත්සහ ගත් මන්නාරමේ පදිංචි පුද්ගලයින් දෙදෙනකුද අත්අඩංගුවට පත්වුණි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් 09 දෙනෙකුද ඒ අතර ගැහැනු ළමුන් 07 දෙනෙකු සහ පිරිමි 05 දෙදෙනකුද ඒ අතරින් කුඩා පිරිමි ළමයෙකුද සිටින අතර එම පිරිස මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමටද මන්නාරම පොලීසිය පියවර ගෙන ඇත.
පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා උතුරු මුහුදු මාර්ගයන් ඔස්සේ ඉන්දියාවට පුද්ගලයින් 90 කට ආසන්න ප්රමාණයක් පලා ගොස් ඇති අතර පලා ගොස් ඇති අතර එසේ පලා යාමට තැත් කල පිරිස් 40 ක් පමණ මේ වන විටත් අත්අඩංගුවට පත්ව ඇත.
ශ්රී ලංකාවේ පවතින ආර්ථික ගැටලු හේතුවෙන් තමන්ට ජීවත්වීමට අපහසු වීම නිසා මෙලෙස ඉන්දියාවට යාමට තීරණය කොට ඇතැයි අත්අඩංගුවට පත්වූ පිරිස් ආරක්ෂක අංශ වෙතට පවසා තිබුණි.