නියෝජ්‍ය කථානායක ධූරයට නමක් යෝජනා කරන්න ආණ්ඩුවට නොහැකි වූ බවත් ආණ්ඩුවේ කෙනෙක් ඉදිරිපත් කළා නම් තමන්ට බහුතරයක් තියෙනවද? නැද්ද? කියා බලන්නට හැකියාවක් තිබූ බවද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනතා ප්‍රශ්න වලට විසඳුමක් ලබා ගන්නට මේ සතියේත් නොහැකි වු බවද ඊළඟ පාර්ලිමේන්තු සතියේදීත් මෙලෙසම වුනොත් පාර්ලිමේන්තුවේ තිබෙන ගෞරවය මෙන්ම බලයත් නැති වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කර ප්‍රශ්න විසඳීමට පළමු පියවරවත් ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.