වර්තමාන පාලනයට විරුද්ධව ජන මතයක් තිබෙන අවස්ථාවක නියෝජ්‍ය කථානායක පත් කිරීමේ ඡන්ද විමසීමේදී ඡන්දය පාවිච්චි කිරීම තේරුම්ගත නොහැකි දෙයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පැවසීය.
නව නියෝජ්‍ය කථානායකවරයෙකු ඡන්දයෙන් තෝරා ගැනීමෙන් පසුව ඊට සිය නම යෝජනා වීම සහ ඡන්දය භාවිතය පිළිබඳ අද (05දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තුව තුල කෘතීම ලෙස කුමන රඟපෑම් ඉදිපත් කළද රටේ ජනතාවගේ හඬ තේරුම් නොගන්නේ නම් ඉන් ඵලක් නොවන බව සඳහන් කළ ඉම්තියාස් බාකීර් මාකර මහතා,
මේ සභාව කියන්නේ සෑම අවස්ථාවකම මේ රටේ ජනතාවගේ හඬ නියෝජනය වන මධ්‍යස්ථානයක් විය යුතුයි. එය හරස්කඩක් විය යුතුයි. මේ වෙලාවේදී ඒ විශ්වාසනීයත්වය රැකගන්න බැරි වුනොත් ඒක ප්‍රශ්නාර්ථයක්.
මේ පාලනයට විරුද්ධව ජන මතයක් යන අවස්ථාවකදී මේ ඡන්ද පාවිච්චි කිරීම මට තේරුම් ගන්න බැරි දෙයක්. ඒ නිසා අපේ රටේ ජන මතයට ගරු කරමින් ජන මතයේ ප්රවනතාවය පෙන්නුම් කරමින් නිර්භීතව පෙනී සිටපු ඒ සියලු මන්ත්‍රීවරුන්ට මගේ ආචාරය පුද කරලා, දැන්වත් අපේ ජනතාවගේ හඬ තේරුම්ගන්න. එහෙම නැතිනම් පාර්ලිමේන්තුවේ විශ්වසනීයත්වය නැති වෙනවා. ඒක තුලින් අපේ ප්රජාතන්ත්රවාදී ක්‍රමයට අභියෝගයක් ඇති වෙනවා. මේ සභාව ඇතුලේ කෘතීම විදියට අපි මොන විදිය රඟපෑම් කළත් වැඩක් නෑ මේ රටේ ජනතාවගේ හඬ තේරුම් ගන්නේ නැතිනම්. ඒක අවබෝධ කර ගන්න. යනුවෙන් සඳහන් කළේය.