හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය අද (06දා) සඳහන් කරයි.
ජනාධිපති කාර්යාලය රාජ්‍යපරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම්දීමක් සිදුකර නොමැති අතර මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අදාල අංශ පරීක්ෂණ කටයුතු ආරම්භකර ඇති බවද ඔවුන් සඳහන් කරයි.