ඉන්දියාවේ ඩීඑම්කේ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම මාසයක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කරන බව පක්ෂය නිවේදනය කරයි. ශ්‍රි ලංකාව වෙනුවෙන් ආධාර ලබාදීම සඳහා පක්ෂය දැනටමත් රුපියල් කෝටියක් ලබාදෙන බවට ප්‍රකාශ කර තිබියදී ඔවුන් මෙම නව යෝජනාවද ප්රකාඹ කර තිබේ.
තම වැටුප් පරිත්‍යාග කරන DMK පක්ෂයේ සභාපති, තමිල්නාඩු මහ ඇමති එම් කේ ස්ටාලින් මහතා කරන ලද ඉල්ලීමක් අනුව මෙම පරිත්‍යාගයන් සිදුකරයි.
"ඩීඑම්කේ හි ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් තම මාසයක වැටුප මහ ඇමතිගේ මහජන සහන අරමුදලට පරිත්‍යාග කරනු ඇත" යනුවෙන් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ශ්‍රී ලංකා ජනතාවට උපකාර කිරීම සඳහා ආහාර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගෙන ශ්‍රී ලංකාවට නැව්ගත කිරීම සඳහා තමිල්නාඩු රජයට පරිත්‍යාග කරන ලෙසද ස්ටාලින් අඟහරුවාදා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.