saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6081 hours ago

LATEST

මන්නාරම් මුහුදේ අතුරුදහන් වූ එක් අයෙකුගේ සිරුරක් හමුවෙයි

calendar_today 2021 දෙසැ 13 - 14:24 remove_red_eye - 222  

මන්නාරම කොන්තෙයිපිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී බොට්ටු සවාරියක් ගොස් මුහුදට වැටී අතුරුදහන් වූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුර අද (13) දින හමුවූ බවට මන්නරම් පොලීසිය පවසයි.

පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවැරීමට රජයේ ඇතැම් ඇමතිවරු උත්සාමහ කරන්නේ එහි සැබෑ වරදකරුවන් සගවා තැබීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩබ්ලව්. ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (13දා) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

අවුරුදු 12 -15 ත් අතර සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 12/13 දින අලුයම පෞද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .

Read More

දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මාසක් ඇතුළත නොලැබුන හොත් කර්මාන්ත ශාලා වැසීමට සිදු වන බව දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව පවසා සිටියි.

Read More

2022 වසරේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්නේ සමගි ජනබලවේගයේ රජයක් බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම. නලින් බණ්ඩාර මහතා පැවසිය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 2.3 හා 2. 4 අතර කහතුඩුව හා කොට්ටාව අතර ප්‍රදේශයේ දී අද 13 අළුයම කැබ් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුර හේතුවෙන් කිලෝමීටර් දහයක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි

Read More

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාසල් ශිෂ්‍යයෙකු මීඋණ රෝගය වැළඳීමෙන් පෙරේදා (12) මියගොස් ඇතැයි රෝහලේ වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතා පැවසීය.

Read More

2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් හිමි කරගෙන තිබේ. 70 වැනි විශ්ව රූ රැජිණ තෝරාපත් කර ගැනීමේ තරගාවලිය මෙවර ඊශ්‍රායලයේදී පැවැත්විණි.

Read More

ගැටලු කිහිපයක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති 23ක් අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස ප‍්‍රදේශයේ වතුර පිරි වලකට වැටී පෙරපාසල් දරුවෙකු 12දා සවස මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු වී දැනට සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රංජන් රාමනායක මහතාට නිදහ ඉල්ලා යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීනීවා නුවර සාමකාමී උද්ඝෝෂණයක නිරත වී තිබේ.

Read More

2022 වසරේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 500ක ව්‍යාපෘති සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ අවසන් කිරීමට කටයුතු කළ යුතු යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

තරගාවලියේ මෙ දක්වා ක්‍රීඩා කර අවසන් වූ තරග 13දී තරග 5කට මුහුණ දුන් දිනේෂ් චන්දිමාල් ලකුණු 181ක් රැස්කරමින් පිතිකරුවන් අතර පෙරමුණේ පසුවෙයි.

Read More

දිවයින හරහා ඊසාන දිග මෝසම ක්‍රමක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත්, මේ අනුව නැගෙනහිර, උතුර, උතුරුමැද හා ඌව පළාත්වලට අද (13දා) සිට පෙබරවාරි මාසය දක්වා වරින් වර වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එක්සත් ජනපදය සහ සමහර බටහිර රටවල් චීනය සහ තවත් සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ලේබල් කිරීමට නැඹුරු වී සිටින බව පැවසූ විදේශ අමාත්‍ය වැන්ග් යී, එය වෙනත් ශිෂ්ටාචාරවලට එරෙහි බටහිර උඩඟුකම සහ අගතිගාමීත්වයේ ප්‍රතිඵලයක් බව සඳහන් කළේය.

Read More

ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විිසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ කොළඹ ස්ටාර්ස් කණ්ඩායම හා ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත්විය.

Read More

’’අනිවාර්ය එන්නත් එපා’’ සහ ’’අපේ දරුවන්ට අත දෙන්න’’ යනුවෙන් සඳහන් බැනර් රැගෙන අගනගරය හරහා පාගමනක් යද්දී විරෝධතාකරුවන් ’’අපි ජනතාව’’ සහ ’’ප්‍රතිරෝධය’’ යනුවෙන් හඬ නඟා සිටියහ.

Read More

බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනද ? නැද්ද? කියලා ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයක් කරන්න මට එන්නලු. දැන් විවාද කර කර ඉන්න වෙලාවක් නෑ. මම කියන්නේ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මේ දැවැන්ත විනිමය අර්බුදයෙන් කෙටි කාලීනව රට බේරගන්න කියලයි.

Read More

ජනතාවගේ ජීවිත සමග කරනු ලබන අමානුෂික බියගුළු පලිගැනීම නවත්වන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

දැන් ආර්ථික බලවතෙකු ලෙස චීනය මිනිසුන්ගේ ජීවනෝපාය සහ විද්‍යාව හා තාක්‍ෂණය වැනි ක්ෂේත්‍රවල වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින බව නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා පැවසීය.

Read More

කෙරවලපිටිය, යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්ට්‍රස් එනර්ජි ලිමිටඩ් ආයතනයට ලබාදීම සඳහා අත්සන් කළ ගිවිසුම හා ඊට අදාළ කැබිනට් සංදේශය හෙට (13දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Read More

මුතුර් ප්‍රදේශයේ ඉක්බාල් නගර් කලපුව අසල ලඳු කැලෑවක අද (12දා) පස්වරුවේ සිදු වූ පිපිරීමකින් පාසල් සිසුවෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය සඳහන් කරයි.

Read More

ඇමසොන් ප්‍රධානී ජෙෆ් බේසෝස් සෙනසුරාදා ප්‍රකාශ කළේ ප්‍රාන්තයේ සිය ගබඩාවේ සිදු වූ මරණ ගැන දැනගත් පසු තමා දැඩි කම්පාවකට පත්වූ බවයි.

Read More

දමිළ භාෂාව කථා කරන ජනතාව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ හමුවක් කොළඹදී පවත්වා තිබේ. පොදු ස්ථාවරත්වයක් විමසා බැලීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවැසීය.

Read More

LPL තරගාවලියේ දොලොස්වන තරගය ලෙස අද Jaffna Kings කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7ක ජයක් ලැබීමට Jaffna Kings කණ්ඩායම සමත් විය.

Read More

4 වැනි මට්ටම යන්නෙන් අදහස් වන්නේ කොවිඩ්-19 වසංගතය ’’සාමාන්‍ය සංසරණයේ පවතී’’ සහ ’’සම්ප්‍රේෂණය ඉහළ හෝ ඝාතීය ලෙස ඉහළ යන’’ බවයි.

Read More

කෝවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගත් පසු දින 03ක් පමණ ගත වන තෙක් කෝවිඩ් රෝග ලක්‍ෂණවලට සමාන සුළු රෝග ලක්‍ෂණ මතු විය හැකි බවත්, ඒ අනුව ඒ පිළිබඳ බියක් ඇති කර නොගන්නා ලෙස කෝවිඩ්-19 නිවෙස්ගත රෝගී සත්කාරක සේවාවේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.