saravita-anim2

2026 මාර්තු මස 15 වන ඉරිදා

2026 මාර්තු මස 15 වන ඉරිදා

Latest News - timelapse 6316 hours ago

LATEST

රාජපක්ෂ පවුල් පාලනය මේ අවුරුද්දේදී පෙරළනවාමයි

calendar_today 2022 මාර් 28 - 23:23 remove_red_eye - 592  

ජනතාවගේ පීඩනය හඳුනාගත හැකි සංවේදී මැති ඇමතිවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ඔවුන්ට ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

සජීව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී නගරාධිපති වඩිම් බොයිචෙන්කෝ පැවසුවේ, ’’සියල්ල අපගේ බලයේ නැහැ. අවාසනාවකට අද අපි ඉන්නේ ආක්‍රමණිකයන්ගේ අතේ.’’ යනුවෙනි.

Read More

පසුගිය මාසයේ දී සෞඛ්‍ය සේවකයන් සඳහා ගෙවනු ලබන වැටුප් ලබා දීමේදී රෝහල් රැසක සෞඛ්‍ය සේවකයන් සඳහා අතිකාල සහ වෙනත් දීමනා හැර මූලික වැටූප පමණක් ගෙවීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

Read More

මධ්‍යම ඊශ්‍රායලයේදී තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායම එහි වගකීම භාරගෙන තිබේ.

Read More

රුපියල බාල්දුවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලරය රුපියල් හාරසිය පනහට ආසන්නවීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පැවසීය.

Read More

රුසියාව සහ ඉන්දියාව අතර වෙළෙඳාමේදී සෘජු රුපියල්-රූබල් ගෙවීමට ඉඩ සලසන පද්ධතියක් මේ සතියේ දියත් වීමත් සමග, රුසියාවෙන් බලශක්ති (තෙල්) වෙනත් භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීමට ඉන්දියාවට හැකිවනවා සේම, ඉන්දියානු අපනයන සඳහාද වැඩි ඉඩක් සමග රුසියානු සම්බාධකවලින් ඉන්දියාවටද ආර්ථික ලාභ ලැබීමට මග පෑදෙයි.

Read More

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල සිට අපහසුතාවකින් තොරව සිංහලහාහින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිසපොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

Read More

එලොන් මස්ක් ට්විටර් පණිවුඩයක් මගින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා ’’බරපතල අදහසක්’’ ඇතිවී තිබෙන බව පවසයි.

Read More

ඉහළ අනුපාත දුන්නොත් මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අත්හිටුවීම / අවලංගු කිරීමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

සබරගමු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කරන ලද “ආයුෂ් ගම්මාන වැඩසටහන” අද (28දා) කෑගල්ල දිඹුල්ගමුව ගම්මානයේ දී සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

Read More

දේවාලේගම ප්‍රදේශයේ විහාරස්ථාන දෙකක් බිඳ වී ගෝනී 21 ක්, බුදු පිළිම, අට පිරිකර, පිඟන් කෝප්ප සොරකම් කරගෙන ගොස් සිටි සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව දේවාලේගම පොලිසිය කියයි.

Read More

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල සිට අපහසුතාවකින් තොරව සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

Read More

මැදමූලන සිට ශ්‍රිපාද වන්දනාවේ ගිය 76 හැවිරිදි නඩේ ගුරෙකු ළිහිණිහෙල අසලදි හෘදයාබාධයක් ඇතිවිමෙන් මියගොස් ඇතැයි රත්නපුර ශික්ෂණ රෝහලේදි පැවති හදිසි මරණ පරික්ෂණයේදි හෙළි විය.

Read More

ඉන්ධන මිළ ඉහල යාමත් එය ලබා ගැනිමට පෝලිම් වල රැඳී සිට කාලය කා දැමිමට සිදුවිමත් සමග පුත්තලම හා හලාවත ධීවරයින් තමන්ගේ පැරණි තෙප්පම් යළිත් රැකියාව සඳහා යොදා ගෙන ඇති ආකාරය දැක ගත හැකිය.

Read More

සිය දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1 ක අතිරේක ණය පහසුකමක් ඉල්ලා ඇති බවට හෙළි නොකළ මූලාශ්‍ර දෙකක් සඳහන් කරමින් රොයිටරස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බුර්කි මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (28දා) බත්තරමුල්ල, ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී හමුවිය.

Read More

කහටගස්දිගිලිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියෙකු රැගෙන ආ ත්‍රීරෝද රථයක් අද (28දා) දහවල් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ අතර එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය හා නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ගින්න පැතිරීම පාලනය කර එය නිවා දැමීමට සමත් වූහ.

Read More

අලව්ව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ මිරිහෙලිය ප්‍රදේශයේදී අද (28දා) සවස සිදු වු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.

Read More

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පවසයි.

Read More

ඉහළ පෙළේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ කොල්ලුපිටිය සිරිකොත මාවත නිවස බිඳ සොරා ගෙන තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් රුපියල් 5000 කට විකුණු පුද්ගලයෙකු සහ ඔහුගේ මිතුරකු සොරා ගෙන තිබූ තවත් භාණ්ඩ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුවෙි බහුතරය ලියවිල්ලකින් පෙන්නුවද තව වසර දෙකහාමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිමට ජනාධිපතිවරයටවත් බලයක් නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය ඊයේ (27දා) සවස මාතරදි පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් හෙතෙම එසේ පැවසිය.

Read More

මිනිස්සුන්ට කෑම නොමැතිවූ විට කෑමට දෙයක් ලබාදෙන බවට සඳහන් කළ විට ඔවුන් ඕනෑම දෙයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

අනීතිකව සිදුවන අයථා අන්‍යාගම්කරණය මෙම පළාතේ සීඝ්‍රයෙන් ක්‍රියාත්මක වන බවටත්, එය වහා නැවැත්වීමට නීති සම්පාදනය කළ යුතු බවත් පූජ්‍ය කන්තලේ රාහුල, මැදිරිගිරියේ සීවලී, අලුත්වැවේ පේමරතන, දොම්පේ ශාන්ති විහාරී, දිඹුලාගල රාහුල හිමිවරු සහ ඥානරත්නම් කුරුක්කල්තුමා ඇතුළු හින්දු භක්තිකයන් නියෝජනය කරන පිරිසක් ද තම අදහස් ප්‍රකාශ කළහ.

Read More

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (28දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටී අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් පිළියන්දල විශ්ව කලා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටින ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් මහතා කොළඹ පිහිටි ලංකා ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන හළකට ගොස් තිබේ.

Read More

දරුණු අලාභ හානි විඳීමෙන් පසු රුසියාව කියෙව් ප්‍රදේශයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට සිදු වී ඇති බව යුක්රේන හමුදා ප්‍රධාන කාර්ය මණ්ඩලය පවසයි.

Read More

මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටි නීතිවිරෝධී දැල් කිලෝ 1418 ක් ඇතුලු ආම්පන්න තොගයක් සමගින් පුද්ගලයෙකු ඊයේ (27දා) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

රුසියාවේ මොස්කව් නුවර වෙත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සිදුකළ ගුවන් මෙහෙයුම් අද (28දා) සිට අත්හිටුවීමට තරණය කර ඇති බව එම සමාගම නිවේදනය කරයි.

Read More

පානදුර ජුබිලි මාවතේ ගාල්කර තිබූ ත්‍රීරෝද රථයක් අද (28දා) දහවල් ගිනිගෙන දැවී ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.