මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටි නීතිවිරෝධී දැල් කිලෝ 1418 ක් ඇතුලු ආම්පන්න තොගයක් සමගින් පුද්ගලයෙකු ඊයේ (27දා) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයට අයත් නාවික නෞකා ගජබා ඒකකයේ නිලධාරීන් පිරිසක් සහ මන්නාරම පොලීසිය ඒකාබද්ධව මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නිවසක් තුල ඉතා සූක්ෂමව සඟවා තිබූ අදාල තහනම් දැල් තොගය සොයාගනු ලැබූ අතර නිවසේ හිමිකරුද එහිදී අත්අඩංගුවට ගන්නා ලදි.
මත්ස්‍ය සම්පත විනාශ කෙරෙන අදාල තංගුස් වර්ගයේ තහනම් දැල් විශාල ප්‍රමාණයක් සැකකරු විසින් රහසිගතව ගබඩා කොට තිබූ අතර සැකකරු එම තහනම් දැල් තොගය තවත් ධීවරයින් පිරිසකට විකිණීම සඳහා සැලසුම් කොට ඇති බවටද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ක් වයසැති අයෙකු වන අතර ඔහු සහ තහනම් දැල් තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙතට භාරදීමට පියවර ගත්බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.


