පාර්ලිමේන්තුවෙි බහුතරය ලියවිල්ලකින් පෙන්නුවද තව වසර දෙකහාමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිමට ජනාධිපතිවරයටවත් බලයක් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය ඊයේ (27දා) සවස මාතරදි පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් හෙතෙම එසේ පැවසිය.
එහිදි අදහස්පලකල ඔහු
“ කවුරු යෝජනා කලත් පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට බැහැ. ව්‍යස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව විසුරුවාහරින්න ක්‍රම තියෙනවා ඒ ක්‍රමයකින් ඇරෙන්න පාර්ලිමේන්තුව විසුරුවාහරින්න කාටවත් බැහැ ජනාධිපතිතුමාටවත් බැහැ. කවුරු බලය තියෙනවා කිවුවත් ජනාධිපතිවරයටවත් මෙි මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවාහරින්න බැහැ.
පාර්ලිමේන්තුවෙි ඇතුලේ මන්ත්‍රිවරුන් එකතු වෙලා මොකක්හරි වෙනසක් කරගන්නවනම් ඒක වෙනම කතන්දරයක්. නමුත් පාර්ලිමේන්තුව විසුරුවාහරින්න වසර දෙකහාමාරක් යනතුරු ජනාධිපතිතුමාටවත් බලයක් නැහැ. ” යැයි අබේවර්ධන මහතා පැවසිය.