රුසියාවේ මොස්කව් නුවර වෙත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සිදුකළ ගුවන් මෙහෙයුම් අද (28දා) සිට අත්හිටුවීමට තරණය කර ඇති බව එම සමාගම නිවේදනය කරයි.
ගුවන් සමාගමේ පාලනයෙන් පිටත පවතින මෙහෙයුම් සීමා කිරීම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සමාගම නිවේදනය කරයි.
දැනට පවතින රුසියානු - යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට ඇතැම් ජාත්‍යන්තර මූල්‍ය හා ගුවන් යානා රක්ෂණ සීමා පනවා ඇති බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුසියාව වෙත සිදුකරන ගුවන් ගමන් මෙහෙයුම් සඳහා එය සෘජුවම බලපාන බවත් සමාගම නිවේදනය කරයි.

ඒ අනුව ශ්‍රී ලනකන් ගුවන් සමාගම නැවත දැනුම් දෙන තුරු මොස්කව් වෙත ගුවන් ගමන් මෙහෙයුම් සිදුනොකරන බවත් තත්ත්වය යහපත් වූ පසු නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවද ඔවුන් පවසයි.
ගුවන් ගමන් අත්හිටුවීමට පෙර කොළඹ හා මොස්කෙව් අතර සතිපතා ගුවන් ගමන් දෙකක් සිදුකර තිබේ.