රාජපක්ෂ පවුල් පාලනය මේ අවුරුද්දේදී පෙරළනවාමයි
ජනතාවගේ පීඩනය හඳුනාගත හැකි සංවේදී මැති ඇමතිවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ඔවුන්ට ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
එමෙන්ම මෙම වසර අවසන් වීමට පෙර අදූරදර්ශී රාජපක්ෂ පවුල් පාලනය බලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අද (28දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
"අද ඉන්න මේ ආර්ථික ප්‍රපාතයේ මහ මොළකරුවෙක් තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. 2015ට කලින් ආදායම් එන්නේ නැති කුලුනු, වරායවල්, ගුවන්තොටුපළවල් හදන්න ඩොලර්වලින් ණය ගත්ත ඒවගේ ණය වාරික දැන් ගෙවන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපේ ණය වාරික අවුරුද්දකට ඩොලර් බිලියන 7-8ට වැඩි වෙලා අපේ එන ආදායම් මදිවෙලා තිබෙන්නේ ගෙවන්න.
චීන තොන්ඩුවට අපි අද හිරවෙලා ඉන්නේ. චීනයට ගිහින් අද මේ අය කතාකරනකොට චීන ණය ප්‍රතිව්‍යූහගත කරන්න කියලා, චීනය ප්‍රතිව්‍යූහගත කරනවා වෙනුවට තවත් බිලියනයක ණයක් දෙනවා. මේ ගන්න ණය ගෙවන්න තිබෙන්නේ අපේ පරම්පරාවට නෙවෙයි ඊළඟ පරම්පාරාවට. ඒ නිසා මේ දේශප්‍රේමී සළුව ඇතුලේ හැංගිලා ඉන්න ඒකාධිපති හොරු ටික ඒකපාර්ශිකව හොරකම් කරලා දැන් සර්වපාක්ෂික සමුළුවක් දානවා ගැලවෙන්න ඕන කියලා.
අපි මේ සර්ව පාක්ෂික විගඩමට, නාට්‍යට, දේශපාලන කුමන්ත්රණවලට අහුවෙන්නේ නෑ. නමුත් රට ගොඩ නැගීමට ජනතාව මේ විඳින දුකින් මුදවා ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළ දේශපාලන කෝනයකින් තොරව නිසියාකාර විශේෂඥ උපදෙස් අනුව හදනවා නම් අපි ඒකට සහයෝගය දෙන්න ලෑස්තියි. මේ රටේ ජනතාව මේකෙන් මුදවා ගන්න ඕන.
ඒ නිසා පොහොට්ටු ඇතුලේ හරි ඉන්නවා නම් ජනතාව විඳින දුක පිළිබඳයම්කිසි වූ සංවේදී සිතක් තිබෙන පුද්ගලයන්ට අපි ආරාධනා කරනවා එන්න ආණ්ඩුවෙන් එළියට. ඔබ අසරණ වෙන්නේ නෑ. අපි පැහැදිලිව කියනවා ජාතික වැඩපිළිවෙළක් සහිතව මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් කණ්ඩායමක් පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ අදූරදර්ශී, උද්ධච්ච රාජපක්ෂ පවුල් පාලනය මේ අවුරුද්දේ අපි පෙරළන එක පෙරළනවාමයි"
popular news
-
Kumar Tuesday, 29 March 2022 01:40 AM
oyagollo Rajaya peralanne oyagollanta visheysha warapprasada labagannayi nathuwa majanayata athi adarayak nisa novey. majanaya gana sithnawanam oya lokulokkanta dena difender arakshawa nathara karanna oney. oygolloth rajakaran pavuley ayawage awasthawen projenaya gannimak pamanak karanna sudanam wenney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

