ඉන්ධන මිළ ඉහල යාමත් එය ලබා ගැනිමට පෝලිම් වල රැඳී සිට කාලය කා දැමිමට සිදුවිමත් සමග පුත්තලම හා හලාවත ධීවරයින් තමන්ගේ පැරණි තෙප්පම් යළිත් රැකියාව සඳහා යොදා ගෙන ඇති ආකාරය දැක ගත හැකිය.
තෙප්පම් වල රැකියාවේ යෙදි සිටි ධීවරයින් වැඩි මසුන් ප්රමාණයක් අල්ලා ගැනිමට එන්ජීන් සහිත බෝට්ටු වලට නැඹුරු විමට කටයුතු කර තිබුනේ දශකයකට ආසන්න කාලයක සිටය.
බෝට්ටු වලට හුරු වු ධීවරයින් යලි මේ දිනවල නැවත තම පැරණි තෙප්පම් වලට හුරු විමටත්, තෙප්පම් මිළදි ගෙන මුහුදු යාමටත් කටයුතු කිරීමට සිදුව ඇති බව ධීවරයින් පවසයි.
ඔවුන් පවසන්නේ නැවත තම රැකියාවට තෙප්පම උපයෝගී කර ගැනිමට සිදුව ඇත්තේ පවතින ඉන්ධන ගැටළුව හේතුවෙන් බවයි.
මේ පිළිබදව අදහස් පලකල ඇන්ටනි ප්රනාන්දු මහතා මෙසේ පවසන්නට විය.
“ අපි ධීවර රැකියාවේ නිරත වුනේ බෝට්ටු යොදා ගෙන කාලය ඉතුරු වෙන්නත් වැඩි මසුන් ප්රමාණයක් අල්ලා ගන්නත් පහසු නිසා නමුත් දැන් මාස කිපයක ඉඳලා අපේ යාත්රාවලට ඉන්ධන ලබා ගන්න ගියාම පෝලීම් ගානේ ඉන්න වෙනවා.
ඒ මදිවට අපිට උවමනා වෙලාවට ඉන්ධන නැහැ. මේ නිසාම වැඩි ධීවර පිරිසක් යලි තෙප්පමට බහින්න සිදුවෙලා.
අපි කැමැත්තෙන් තෙප්පම රැකියාවට යොදා ගත්තේ නැහැ නමුත් අපේ අඹු දරුවන් බඩගින්නේ තියන්න බැරි නිසා මේ තිරණයට එන්න සිදුවුනා.
බෝට්ටුවෙ වගේ නොවෙයි තෙප්පමේ රැකියාවට ගිහින් එද්දී පුදුම අමාරුවක් තියෙන්නේ,ඒ කියලා වෙන මොනවා කරන්නද ඔහු විමසයි.
හලාවත හා පුත්තලම සේම කල්පිටියේ ධීවරයින් ද මේ වන විට යලි තෙප්පමට මාරු වෙමින් සිටින බවද ධිීවර සංගම් පවසති.


