ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලයි
සිය දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1 ක අතිරේක ණය පහසුකමක් ඉල්ලා ඇති බවට හෙළි නොකළ මූලාශ්‍ර දෙකක් සඳහන් කරමින් රොයිටරස් පුවත් සේවය වාර්තා කරයි.
වසර දෙකක් තුළ විදේශ විනිමය සංචිත 70% කින් පහත වැටීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට අත්‍යවශ්‍ය ආනයන සඳහා ගෙවීමට අරගල කරමින් සිටියි.
සහල්, තිරිඟු පිටි, ධාන්‍ය වර්ග, සීනි සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා භාවිතා කිරීමට යෝජිත මෙම නව ණය පහසුකම සඳහා වන ඉල්ලෙලීම ඉල්ලීම ඉටු කරන බව නව දිල්ලිය පෙන්වා දී ඇති බව එක් මූලාශ්‍රයක් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ.
පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ කළ සංචාරයේදී අත්සන් තැබූ ඇමෙරිකානු ඩොලර් බිලියනක ණය පහසුකමට අමතරව මෙම ණය මුදල ලබා ගැනීමට නියමිතය.
popular news
-
Dayan Monday, 28 March 2022 12:26 PM
Very good. When that billion is over go for another one. Better we eat on others loans without doing any thing. What a pathetic country. Donkeys have no brain to elect Lions. Always donkeys have come forward for elections.Lions are always in caves.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

