saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5862 hours ago

LATEST

රාගම අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනකුට ඇප

calendar_today 2022 පෙබ 03 - 16:58 remove_red_eye - 318  

රාගම වෛද්‍ය පීඨයේ ඇතිවූ ගැටුමට අදාළව එහි සිව්වන වසරේ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. තෙවන වසරේ සිසුවෙකුට සිදුකළ පහරදීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 08 දෙනෙකුට සහ ක්ෂේත්‍ර නිලධාරියෙකුට එල්ල වු බඹර ප්‍රහාරයකින් 09 දෙනෙකු තුවාල ලබා අද (03දා) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව පොලිසිය පැවසිය.

Read More

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය තරමක පහළ බැසීමක් පෙන්නුම් කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට 0.7කින් එසේත් නොමැතිනම් ඩොලර් සත 61කින් අඩුවී බැරලයක් ඩොලර් 88.86ක් වූ බව රොයිටර්ස් පුවත් සේවය කියයි.

Read More

බ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික රූ රැජින කිරුළ හිමි කර ගත් එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක් සදහා අද(03දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව ජනවාරි මස 26 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමට යාමේදී, එහි තිබූ හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක පමණ තොගයක් සැකක‍ටයුතු යාත්‍රාව මඟින් මුහුදට දමන ලදී.

Read More

ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හෙට (04දා) චීනයේදී ආරම්භවීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියට සමගාමීව චීනය මෙම අපූරු වැඩසටහන සංවිධානය කර තිබුණි.

Read More

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කොට තරුණයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහත නඩුව ලබන ජුනි 17 වනදා කැඳවීමට නියම කළේය.

Read More

LTTE යැයි සැකපිට අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කළ යුතු බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අවස්ථාවේදී ’’එය කලයුත්තක්’’ බව ජනාධිපතිවරයා පැවසූ බවත් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, බොදු බල සේනා නායක, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මාධ්යභවේදියෙකු නැගූ ප්රනශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඊයේ (2) කොලොන්නාවේදී පැවසූහ.

Read More

කුඩා හබල් යාත්‍රාවකින් මැලේසියාවේ සිට අප්‍රිකාව දක්වා ලොව වටා සංචාරයේ යෙදෙන ලිතිවියානු ජාතික මුහුදු සංචාරකයා ඊයේ (02දා) පස්වරුවේ ගාල්ල වරායෙන් දිවයිනට ලඟාවිය.

Read More

මතභේදයට තුඩු දි ඇති රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදිමේ සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

(UPDATE) රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු රාගම පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 07 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

පවතින කෝවිඩ් තත්ත්වය හමුවේ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ලබන සදුදා (07දා) පස්වරුවේ රැස්වීමට නියමිතය.

Read More

ජාතික නිදහස් දින උත්සවයට එක් නොවීමටත්, නිදහස් දිනය වෙනුවෙන් කාදිනල් හිමිපාණන් පවත්වන දිව්‍ය පූජාව නොපැවැත්වීමටත් උන්වහන්සේ තීරණය කර ඇති බව ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසූහ.

Read More

ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ හිටපු එක්දින නායකයෙක් මෙන්ම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

Read More

ප්‍රකාශය මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු දෙක ඇතුළත. Fact check විදේශ ණය පිළිබඳව ජනපති රාජපක්ෂ කරන ප්‍රකාශය සදොස්ය

Read More

මොරටුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම හා නිම කිරීම සඳහා, ඉතා සහනදායී ණයක් ලෙස රුපියල් මිලියන 6000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට,කුවේට් අරමුදල එකඟත්වය පළ කර තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඊයේ (02දා) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදීය.

Read More

(LONG READS) පසුගිය වර්ෂයේ අගෝස්තු මස පවත්වන්නට යෙදුණු නමුත්, කෝවිඩ් වසංගතයේ බලපෑම මත කල් ගිය අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා (07) ආරම්භ වීමට නියමිතයි. මේ ඒ සඳහා මුහුණ දෙන දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගියදා පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඉදිරිපත් වූ අයුරුයි.

Read More

කහතුඩුව පොල්ගස්ඕවිට ඒ ටි එම් කුටියක අමතකව දමා ගිය බැංකු කාඩ් පතක් සොරාගෙන රන් භාණ්ඩ මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පැවසීය. ඔවුන් දෙදෙනාම මීට දින කිහිපයකට ඉහත දී පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ පුද්ගලයන් බව විමර්ශනවලදී හෙළිවී ඇත.

Read More

මන්ත්‍රී වැටුපක් ලැබුට මම රට වෙනුවෙන් සමාජ ව්‍යාපාරයක් හදනවා. මට මාසෙට කෝටි 10ක් තිබණත් මදි.

Read More

බෙන්තොට ගාලුපාරේ පැරණි ප්‍රාදේශීය සභා කාර්යාලය ආසන්නයේදී අද(3දා) ත්‍රීරෝද රථයක් මෝටර් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් ත්‍රීරෝද රථයට බරපතල හානි සිදුවී එහි ගමන් ගත් රියදුරු ඇතුළු දෙදෙනෙකු බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට සහ බෙන්තර රෝහලට ඇතුළත් කර ඇතැයි බෙන්තොට පොලීසිය පවසයි.

Read More

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කොවිඩ් ආසාදනය වි තිබේ. මේ අනුව පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරු සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම්කළ සංචිතයට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටද ’කෝවිඩ්-19’ වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුට මෙම තරග සංචාරය අහිමිවනු ඇත.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයේ පවතින වැසි රහිත අධික වියලි කාලගුණය හේතුවෙන් මහවැලි ගඟ පතුලටම සිඳි ඇති අයුරු තැන්නේකුඹුර පාලම අසලින් දිස් වන අයුරුයි මේ.

Read More

තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. අද අලුයම ඔවුන් ඔස්ට්‍රේලියා බලා පිටත්ව ගියේය.

Read More

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට ධුරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට ඉඩ ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.

Read More

’’අපි නිගමනය කරන්නේ ඔමික්‍රෝන් BA.2 උප ප්‍රභේදයට සහජයෙන්ම BA.1 ප්‍රභේදයටට වඩා සැලකිය යුතු ලෙස සම්ප්‍රේෂණය කළ හැකි බවයි. එය ආසාදනයට එරෙහිව එන්නත් කිරීමේ ආරක්ෂිත බලපෑම තවදුරටත් අඩු කරන අතරම, ප්‍රතිශක්තිකරණය මගහැරීමේ ගුණයෙන් යුතුයි’’ ඩෙන්මාර්ක අධ්‍යයනයේ පර්යේෂකයෝ පැවසූහ.

Read More

බඩු මිල අහස උසට යාමට ඉඩ හැර ජනතාවගේ ආර්ථික සමාජයීය නිදහස අහිමි කළ ආණ්ඩුව තිබෙන ඩොලර් ටිකත් නාස්ති කරමින් නිදහස් දිනය ’උජාරුවෙන්’ සැමරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.