ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක පිළිරුවට අගෞරව කිරීම් හා හානි කිරීමට තැත් කිරීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මීට අමතරව පිළිරුවේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස එම පක්ෂයේ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ගාලු මුවදොර පිටිය අසල විරෝධතාවේ නිරත විරෝධකරුවෙකු විසින් පිළිරුවේ ගෙලෙහි දැවටූ කඹයක ආධාරයෙන් පිළිරුවේ උර හිස මතට ගොඩ වී කළු රෙදිකඩකින් පිළිරුවේ දෑස් බැඳ දැමීමට කටයුතු කරන ආකාරයේ සේයා රූ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන බවද එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
එසේම ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයේ නිරත විරෝධතා කරුවන් විසින් තම පක්ෂයේ නිර්මාර්තෘ දිවංගත අග්‍රාමත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක ශ්‍රිමතාණන්ගේ පිලිරුවට අවම් වන ආකාරයට කටයුතු කිරිම් පිලිබදව පසුගිය දිනවල නිරික්ෂණය කළ බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් කර ඇත.
