ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව 2021 වර්ෂයේ දි රුපියල් බිලියන 41.7ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති 2021 වාර්ෂික වාර්තාවේ සදහන් වේ.
රාජ්‍ය ආයතනවලින් ඛනිජතෙල් නිතිගත සංස්ථාවට අයවියයුතු හිග ණය මුදල 2021 වර්ෂයේ දි රුපියල් බිලියන 161.1 දක්වා ඉහල ගොස් ඇති බවද මහබැංකු වාර්තාවේ දැක්වේ.
2021 වර්ෂය තුල ඛනිජතෙල් නිතිගත සංස්ථාවට අයවිය යුතු ණය මුදලින් සියයට 90.1ක්ම ලැබිමට ඇත්තේ ලංකාවිදුලිබල මණ්ඩලයෙන් හා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙනි. එමෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය හේතුවෙන් ඛනිජතෙල් නිතිගත සංස්ථාවට රුපියල් බිලියන 33.2ක විනිමය අනුපාත විචල්‍යතා අලාභයක් ඇතිවි තිබේ.
එමෙන්ම බැංකු අංශයෙන් ලබාලත්ණය ප්‍රමාණය 2021 වර්ෂයේ දි රුපියල් බිලියන 505.3ක් දක්වා රුපියල් බිලියන 123.5කින් ඉහල ගොස් ඇති බවද මහබැංකු වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.