එම සැකකරුවන් අද දින (07) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
මෙරට පවතින දැවැන්ත ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය නොව විදෙස් රටවල් වලින් අධික ලෙස ණය ලබා ගැනීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.
Read Moreඅවසන් වරට බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබා දුන් අවස්ථාවේ නැවත ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුවහොත් බස් ගාස්තු වැඩි කිරීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවයකට පැමිණි බැවින් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .
Read Moreඅතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව අද (07) සිට ආරම්භ කල වර්ජනය හේතුවෙන් මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ බලෙන් රඳවාගෙන ප්‍රතිකාර කර උම්මත්තක රෝගීනට පීඩා විඳිමට සිදුවන බව එම රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ධම්මිකා විජේසිංහ සඳහන් කරයි.
Read Moreරජයෙන් ලබා දීමට නියම කල රුපියල් 5000 දීමනාව ලංකා සතොස සේවකයින්ට මෙතෙක් ලැබී නැතැයි සතොස සේවකයින් චෝදනා කරයි.
Read Moreහිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් පූගොඩ ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පූගොඩ පොලීසිය සඳහන් කරයි.
Read Moreඉදිරි දෙවසර තුල රැකියා ලබා දීමට ක්‍රමයක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතීඥ හිජාත් හිස්බුල්ලා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.
Read Moreකොරෝනා තත්ත්වයක් පැවැතියද පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරි දින හතරේ සුපුරුදු පරිදි පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කල බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරය ගැන ඇත්ත කතාව රටට හෙළි කරන ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට කළ අභියෝගයට අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්‍ෂයේ එකඟතාවය මත එම විවාදය ස්වර්ණවාහිනිය ඔස්සේ පැවැත්වීමට කැමැත්ත පළ කළා.
Read Moreපනාමුර මුල්ඇඩියාව ප්‍රදේශයේදී කැත්තකින් හා පොරොවකින් පහරදි තම 41 හැවැරිදි සහෝදරයා ඝාතනය කළ අවුරුදු 27ක සහෝදරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඋසස්පෙළ විභාගය අද (07දා) සිට මාර්තු 05වැනිදා දක්වා කාලය තුළදී විභාග මධ්‍යස්ථාන 2,438කදී පැවැත්වේ.
Read Moreඅයවැයෙන් වෙන් කළ සීමා පමණයි වැඩිපුර ප්‍රතිපාදන නෑ මැති, ඇමති, නිලධාරී ඉන්ධන හා දුරකතන ගාස්තුවලට සීමා ගොඩනැගිලි ඉදිකිරිම, විදෙස් සංචාර හා නව බඳවා ගැනීම්වලටත් සීමා
Read More’’මගේ පුතා චාල්ස් රජ වූ විට, ඔබ මට ලබා දුන් සහයෝගයම ඔබ ඔහුට සහ ඔහුගේ බිරිඳ කැමිලාට ලබාදෙන බව මම දනිමි.’’ සිය කිරුළේ 70 වැනි සංවත්සරය සමරන දෙවැනි එළිසබෙත් රැජින කියයි.
Read Moreහෙද, පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අද (07දා) උදෑසන 7.00 සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.
Read Moreපැපුවා නිව්ගිනියාවේ අගමැති ජේම්ස් මාරපේ චීනයේ බීජිං නුවරදී ආරම්භ වූ 2022 ශීත ඍතු ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා පසුගියදා බීජිං වෙත පැමිණීමෙන් පසු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව තහවුරු වී තිබේ.
Read Moreකෝවිඩ් මර්දන එන්නතෙහි බූස්ටර් මාත්‍රාව ලබා දීම සඳහා මෙරට තුළ පවතින ෆයිසර් එන්නත් තොගය කල් ඉකුත් වී නොමැති බවට තාක්ෂණික වශයෙන් වගකීමෙන් ප්‍රකාශ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
Read Moreබ්‍රිතාන්‍යයේ පළමු සහ දෙවැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාගත් මුළු එකතුව 52,427,710 සහ 48,576,227ක් වූ අතර, තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 37,529,824ක් වෙයි.
Read Moreමත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මේ වන විට වී වෙනුවට සංචාරකයන්ගෙන් පිරී ඇති බව දැකීමට ලැබීම සතුටක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සඳුදා රුසියාවට සහ අඟහරුවාදා යුක්‍රේනයට ගොස් අර්බුදය උත්සන්න කිරීමට සහ එය වැළැක්වීමේ සාම සැලැස්මක් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreරට තුළ මේ වනවිට ඇති වී තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදකාරී තත්ත්වයට මුහුණදිය යුතු ආකාරය පිළිබඳ රජයට භාරදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යෝජනාවලියක් සකස් කර තිබේ.
Read Moreඔටාවා නගරාධිපති ජිම් වොට්සන් ඉරිදා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ කැනේඩියානු අගනුවර බොහෝ වීදි වසා දමා ඇති විරෝධතා ට්‍රක් රථ රියදුරන් විසින් සිදුකර ඇති අවහිරතා සමග කටයුතු කිරීමට උපකාර කිරීම සඳහාය.
Read Moreලංකා IOC සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
Read Moreමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන පානදුර සලිදු’’ නැමැත්තා ගේ මත්කුඩු ජාවාරමේ ප්‍රවාහන කටයුතු කේතුමතී කාන්තා රෝහලට අයත් ගිලන් රථයකින් සිදුකිරීම සම්බන්ධයෙන් එම රෝහලේ ගිලන්රථ සහායකයෙක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More2021 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී කෝවිඩ්-19 වෛරසය ආසාදිත විභාග අපේක්ෂකයන් සහ නිරෝධායන වන විභාග අපේක්ෂකයන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් රෝහල් සහ අතරමැදි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreතෙදින නිල ඉන්දීය සංචාරය ආරම්භ කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවරට ළඟා වී තිබේ. විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් හා එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreකළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ) ලලිත් එල්ලාවල මහතාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇත. අද (6) රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව හල්තොට රෝහලට ගොස් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඒ බව තහවුරු වී ඇත. මන්ත්‍රීවරයා මේ වන විට බණ්ඩාරගම අරුග්ගොඩ නිව්ඩාව නිවසේ නිරෝධායනය වෙමින් සිටියි.
Read Moreගම්පහ, අස්ගිරි වල්පොළ ප්‍රදේශයේදී යතුරු පැදියක් හා බවුසර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පියෙකු හා දිියණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreතම පියාගේ ජීවිතය බේරා ගැනීමට හැකි බලයක් සහිත එකම පුද්ගලයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් තමා අතින් අතීතයේදී ජනපතිවරයාට වරදක් සිදුවී ඇත්නම් ඒ සඳහා කණගාටුව ප්‍රකාශ කරන බවත් සමාජ ක්‍රියාකාරියෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ කළ ඕෂල හේරත් මහතා පවසයි.
Read Moreඑළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හා ඉදිරි මාස සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ණය මාර්ග දෙකක් පිළිබඳව අවධානය යොමුකර තිබේ. මේ අනුව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය පහසුකමක් හා ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණය පහසුමකට පිවිසීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
Read More