ලිට්රෝ ගෑස් සමාගම මිලදී ගත් ගෑස් මෙට්රික් ටොන් 2500ක් හා ලාෆ්ස් සමාගම මිලදී ගත් ගෑස් මෙට්රික් ටොන් 3500ක් රැගත් නෞකා දෙකක් මේ වන විට දිවයිනට ලඟා වී තිබේ.
මෙම ගෑස් ගොඩබෑමෙන් පසුව ලබන සතියේ සිට ජනතාව වෙත ලබාදීමට එම සමාගම් අපේක්ෂා කරයි. ඩොලර් සපයා ගැනීමේ ගැටලුව හේතුවෙන් ලාෆ් සමාගම මාස දෙකකට ආසන්න කාලයක් සිය ගෑස් වෙළඳපොළ වෙත නිකුත් නොකළේය.