රුසියාවේ ලංකා තානාපති කැඳවා රුසියාවේ විරෝධතාවය කියයි
රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් බණ්ඩාරනායක ගුවන් තොටුපළේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම වෙනුවෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා අබේවික්‍රම රුසියා විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ.
මේ පිළිබ ඳව නිවේදනයක් නිකුත් කරමින් රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ තානාපතිවරිය අමාත්‍යාංශයට කැඳවා අදාළ සිදුවීම පිළිබ ඳව රුසියාවේ විරෝධය ප්‍රකාශ කළ බවයි.
"සාම්ප්‍රදායිකව මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ඇති වන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා මෙම ගැටලුව කෙටි කාලයක් තුළ විසඳා ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉල්ලා සිටියෙමු" යනුවෙන් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
popular news
-
sg Saturday, 04 June 2022 06:03 PM
This is a big mistake from the Sri Lanka side.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

